මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඔක්සිජන් ලීටර ලක්ෂ තුනක් සතිපතා ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

    අගෝස්තු 24, 2021

    කොවිඩ්-19 රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට අවශ්‍ය ද්‍රව වෛද්‍ය ඔක්සිජන් ලීටර ලක්ෂ තුනක් සතිපතා ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය.

    ඒ අනුව මාසිකව ආනයනය කරනු ලබන ඔක්සිජන් ලීටර 120,00 වෙනුවට මෙසේ සතිපතා ඔක්සිජන් ආනයනය කිරීමට කටයුතු කෙරේ.

    මෙරට කොවිඩ් රෝගින් සඳහා ප්‍රමාණවත් ඔක්සිජන් පවතින්නේ දැයි අද (24) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කළේ, මේ වන විට අවශ්‍ය ඔක්සිජන් සංචිතය ප්‍රමණවත්ව පවතින බව කීය.

    රටට අවශ්‍ය ඔක්සිජන් තොග ප්‍රමාදයකින් තොරව ලබා ගෙන ආරක්ෂිත තොග ලෙස තබාගැනීම පිණිස මෙලෙස ආනායනය කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා කීය.

    අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ඉදිරිපත් කර තිබුණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya