මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ‘ශක්ති’ නෞකා නාවික හමුදාධිපති නිරික්‍ෂණය කරයි

    අගෝස්තු 24, 2021

    සායනික ඔක්සිජන් රැගෙන පැමිණි ඉන්දීය නාවික හමුදාවේ සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ‘ශක්ති’ නෞකා නාවික හමුදාධිපති නිරික්‍ෂණය කරයි

    සායනික ඔක්සිජන් රැගෙන කොළඹ වරායට සේන්දු වු ඉන්දීය නාවික හමුදාවේ සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ “ශක්ති” නෞකාවන්හි නිරීක්‍ෂණ චාරිකාවක් සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා ( අගෝස්තු 23) පෙරවරුවේ සහභාගී විය. එහිදී සායනික ඔක්සිජන් මෙරටට කඩිනමින් රැගෙන ඒම සඳහා ලබා දුන් සහයෝගය පිළිබඳව ඉන්දියානු නාවික හමුදා ශක්ති නෞකාවේ නැව් මුළුවට සහ ඉන්දියානු නාවික හමුදාව වෙත ද, ඉතා කෙටි දැනුම් දීමකදී ‍නෞකාව සූදානම් කොට මෙම ජාතික කාර්යය සඳහා කැපවුණු ශ්‍රී ලංකා නාවික නෞකා ශක්ති නැව්මුළුවට ද සිය කෘතඥතාවය ඵලකීරිමට නාවික හමුදාධිපති විසින් කටයුතු කෙරිණි.

    කොවිඩ් 19 අසාධිත රෝගීන් සඳහා අවශ්‍ය සායනික ඔක්සිජන් මෙරටට කඩිනමින් රැගෙන ඒම සඳහා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ උපදෙස් මත නාවික හමුදාව විසින් සිදු කරනු ලබන මෙහෙයුම් ක්‍රියාවලිය වඩාත් කාර්යක්‍ෂමව ඉටු කිරීම සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා විසින් ඉන්දීය නාවික හමුදාධිපති අද්මිරාල් කරම්බීර් සිං මහතා මහතාගෙන් සෘජුවම සිදුකරන ලද ඉල්ලීමක ප්‍රතිඵලයක් වශයෙන් ඉන්දියානු නාවික හමුදාවට අයත් ශක්ති නෞකාව ඉන්දියාවේ විශාකාපට්නම් වරායේ සිට සායනික ඔක්සිජන් ටොන් 100ක පමණ ප්‍රමාණයක් රැගෙන 2021 අගෝස්තු මස 22 පස්වරුවේ කොළඹ වරායට සේන්දු විය.

    ඒ අනුව, කොළඹ වරාය පරිශ්‍රයේදී අගෝස්තු 23 පෙරවරුවේ ඉන්දීය නාවික හමුදාවට අයත් ශක්ති නෞකාවෙහි නිරීක්‍ෂණ චාරිකාවාරයක නිරතවු නාවික හමුදාධිපති, එම නෞකාවේ නැව් මුළුව හමුවී ශ්‍රි ලංකා නාවික හමුදාව මගින් සිදු කරන ලද ඉල්ලීමට ක්ෂණිකව ප්‍රතිචාර දක්වා, සායනික ඔක්සිජන් තොග මෙරටට කඩිනමින් රැගෙන ඒම සඳහා ඉන්දියානු නාවික හමුදාවෙන් ලබා දුන් සහයෝගය සම්බන්ධයෙන් ඉන්දීය නාවික හමුදාව වෙත සිය කෘතඥතාවය ඵලකිරීමට කටයුතු කරන ලදී. තවද, මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගරු ගෝපාල් බග්ලේ (Gopal Baglay) මහතා ද සහභාගී විය.

    එමෙන්ම, 2021 අගෝස්තු 20 වන දින ඉන්දියාවේ චෙන්නායි වරායේ සිට සායනික ඔක්සිජන් ටොන් 40ක පමණ ප්‍රමාණයක් රැගෙන 2021 අගෝස්තු 22 වන දින කොළඹ වරායට සේන්දු වූ ශ්‍රීලංනානෞ ශක්ති නෞකාවේ ද නිරීක්‍ෂණ චාරිකාවරයක නිරත වූ නාවික හමුදාධිපති නෞකාවේ අණදෙන නිලධාරී ප්‍රමුඛ නැව් මුළුව වෙත සිය ප්‍රශංසාව ඵලකිරීමට මෙහිදී කටයුතු කරන ලදී.

    තවද, රට තුළ ඇති වන ඕනෑම හදිසි තත්වයකදී කලාපීය නාවික හමුදාවන් මඟින් අවශ්‍ය සහයෝගය ලබා ගනිමින් සහ නාවික හමුදාවේ සම්පත් උපරිම කාර්යක්‍ෂමතාවයෙන් යුතුව යොදවා අවශ්‍ය දායකත්වය ලබා දීමට නාවික හමුදාව ඉදිරියටත් සූදානමින් සිටියි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya