මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාන්කඩවල වැව ප්‍රතිසංස්කරණය කෙරේ

    අගෝස්තු 23, 2021

    රට හදන සෞභාග්‍යයේ දැක්ම බලගන්වමින් “වාරී සෞභාග්‍යා“ ජාතික වැඩසටහන යටතේ ග්‍රාමීය වැව්,අමුණු සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියට සමගාමීව කැකිරාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මාන්කඩවල වැව ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු රාජ්‍යය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ නිරීක්ෂණයට ලක් විය.

    ග්‍රාමීය කුඹුරු හා ආශ්‍රීත වැව්, ජලාශ හා වාරී මාර්ග සංවර්ධන රාජ්‍යය අමාත්‍යංශයේ මූල්‍ය ප්‍රතිපාදන මගින් වාරී මාර්ග දෙපාර්තමේන්තුව මගින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබයි. රුපියල් මිලියන 08.5 ක වියදමින් මෙම වැව ප්‍රතිසංස්කරණය කටයුතු කිරීමට නියමිත අතර, මාස 03 ක් ඇතුළත එහි වැඩ නිම කිරීමට නියමිතය.

    මාන්කඩවල ගම්වාසීන්ගේ ඉල්ලීමක් මත මෙම වැව ප්‍රතිසංස්කරණය කිරීම සිදු කෙරේ.

    වසර ගණනාවකින් තම වැව ප්‍රතිසංස්කරණයක් නොකෙරුණ බවත්, වැව යටතේ පවතින කුඹුරු ප්‍රමාණය මාස් කන්නයේදීවත් කර ගත නොහැකි තත්වයක් පැවති බවත්, වැව ප්‍රතිසංස්කරණය කිරීම මගින් පුරන් කුඹුරුද වගා කර යල -මහ දෙකන්න වගා කර ගැනීමේ හැකියාවක් ඇති බවත්, මේ සඳහා මැදිහත් වීම සම්බන්ධයෙන් රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා කටයුතු කිරීම පිළිබඳව ගොවි සංවිධාන නියෝජිතයින් අමාත්‍යයවරයාට තුති පුද කළේ ය.


    මෙම අවස්ථාවට , ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මිහින්තලය ආසන සංවිධායක, හිටපු පළාත් සභා අමාත්‍යය සරත් ඉලංගසිංහ මහතා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දිස්ත්‍රික් නායක, හිටපු පළාත් සභා මන්ත්‍රී ආර්.එම්.බී ඥානතිලක මහතා ඇතුළු ප්‍රදේශවාසීන් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya