මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රුපියල් මිලියන 50ක් වටිනා කේරළ ගංජා සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් 03ක් නාවික හමුදා භාරයට

    අගෝස්තු 15, 2021

    ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, වැල්වැටිතුරේ වෙරළ ප්‍රදේශයේ ( අගෝස්තු 14) උදෑසන සිදුකළ විශේෂ පාමුර සංචාරයකදි කේරළ ගංජා කිලෝග්‍රෑම් 126ක පමණ ප්‍රමාණයක් සහ අයිස් මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) කිලෝ 02 කට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවන් තිදෙ‍නෙකු (03) සහ කැබ් රථයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

    මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා මුහුදු තීරය හා වෙරළ ප්‍රදේශය ආවරණය වන පරිදි නිරන්තර මෙහෙයුම් සිදුකරනු ලබයි. ඒ අනුව, උතුරු නාවික විධානය මඟින් යාපනය, වැල්වැටිතුරේ වෙරළ ප්‍රදේශයේ අද (2021 අගෝස්තු 14) උදෑසන සිදු කල මෙම විශේෂ පාමුර සංචාරයේ දී වෙරළ ආසන්නයේ නවතා තිබූ කැබ් රථයකට සැකකටයුතු ලෙස පොලිතීන් උර තොගයක් පටවමින් සිටි පිරිසක් නිරීක්ෂණය කරන ලදි. පසුව සිදු කළ වැඩිදුර පරීක්ෂාවේදී, පොලිතින් උර තුනක (03) පාර්සල් 60ක් වශයෙන් අසුරා තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 126 ක් සහ ප්ලාස්ටික් ඇසුරුමක සුක්ෂම ලෙස පාර්සල් තුනක් (03) වශයෙන් අසුරා තිබූ අයිස් මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) කිලෝ 02 ග්‍රෑම් 330ක ප්‍රමාණයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) සහ එම කැබ් රථය නාවික හමුදා භාරයට ගන්නා ලදී.

    මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයේ වීථි වටිනාකම රුපියල් මිලියන 50 ක් පමණ වෙතැයි විශ්වාස කෙරේ.

    කොව්ඩ් -19 ව්‍යාප්තිය වැළැක්වීමේ සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව සිදුකළ මෙම මෙහෙයුම මගින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් තිදෙනා (03) වයස අවුරුදු 32ත් 38ත් අතර වයසේ පසුවන කිලිනොච්චි ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගත් අතර, මෙම සැකකරුවන්, කේරළ ගංජා, අයිස් මත්ද්‍රව්‍ය සහ තැබ් රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා වැල්වැටිතුරේ පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya