අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවයින ආවරණය වන පරිදි එන්නත්කරණ වැඩසටහන් දියත් කර තිබෙනවා

    ජූලි 23, 2021

    කොවිඩ් ආසාදනයෙන් මියගිය සහ දැඩි සත්කාර ඒකක වල අසාධ්‍ය කොවිඩ් රෝගීන් අති බහුතරයක් එක් එන්නතක්වත් ලබා ගෙන නැතැයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නි ආරච්චි මහත්මිය පවසයි.

    මේ වන විට රජය විසින් ප්‍රමුඛතාවය අනුව දිවයින ආවරණය වන පරිදි එන්නත්කරණ වැඩසටහන් දියත් කර තිබෙන බව ද අමාත්‍යවරිය මාධ්‍ය වෙත අඳහස් දක්වමින් පවසයි.

    තවදුරටත් අඳහස් දැක්වූ අමාත්‍යවරිය;
    ඒ සඳහා අවශ්‍ය ප්‍රමාණයට එන්නත් තොග ලැබී තිබෙනවා, ඉදිරියටත් ලැබෙමින් තියෙනවා. නමුත් පසුගිය දින කිහිපය තුළ රජය විසින් සාර්ථක අන්දමින් එන්නත්කරණ ක්‍රියාවලිය සිදු කලත් මෙම එන්නත් ලබා ගැනීමට පැමිණෙන ජනතාවගේ යම් අඩු වීමක් සහ මන්දගාමී බවක් දක්නට ලැබී තිබෙනවා. ඒ බව දත්ත සහ තොරතුරු වලින් සෞඛ්‍ය බලධාරීන් අපට පෙන්වා දී තිබෙනවා.

    විශේෂයෙන් මේ දක්වා කොවිඩ් රෝගය වැළඳී මියගොස් ඇති පුද්ගලයින් සහ කොවිඩ් රෝගය වැළඳී දැඩි සත්කාර ඒකක වල සිටින අය කිසිම එන්නත් මාත්‍රාවක් ලබා නොගත් අය බවට දත්ත සහ තොරතුරු වලින් අනාවරණය වී තිබෙනවා. ඒ නිසා වයස අවුරුදු 60 ට වැඩි සහ විවිධ සංකූලතා තිබෙන ජනතාව මෙම එන්නත්කරණ වැඩසටහන් වලට සහභාගී වී එන්නත් ලබා ගෙන තමනුත් ආරක්ෂා වෙලා අන් අයත් ආරක්ෂා කරන ලෙස ඉල්ලා සිටිනවා. මෙහි ප්‍රධාන අරමුණ වෙලා තියෙන්නේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කර ගැනීමයි යැයි කීවාය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya