අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වනෝද්‍යාන යළි විවෘත කිරීම වනජීවී ඇමතිගේ නිරීක්ෂණයට

    ජූලි 22, 2021

    කොවිඩ් 19 වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් දෙමසක පමණ කාලයක් වසා තිබූ ජාතික වනෝද්‍යාන යළිත් විවෘත කිරීමට රජය මගින් තීරණය කරනු ලැබීමෙන් පසු ජාතික වන උද්‍යානය විවෘත කිරීම පිළිබඳව පූර්ව සැලසුම් සැකසීම හා ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදයන් නිරීක්ෂණය කිරීම වනජීවී හා වන සංරක්ෂණ කැබිනට් අමාත්‍ය සී. බී . රත්නායක මහතා සිදු කළේය.

    ඒ අනුව පසුගියදා “කවුඩුල්ල ජාතික වනෝද්‍යානය” නිරීක්ෂණය කළ අමාත්‍යවරයා, එම උද්‍යාන පිවිසුමේ ඇති සංචාරක මාර්ග උපදේශක පුවරුවල පවතින අඩුපාඩු සැකසීමටත්, ප්‍රවේශ කවුළු 2ක් විවෘත කර පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ට වනඋද්‍යානයට ඇතුළු වීමේදී සිදුවන ප්‍රමාදයන් වළක්වා ගැනීමටත් තොරතුරු ප්‍රකාශන අලෙවි කුටියක් ආරම්භ කිරීමටත්, ඖෂධීය පානයක් සැපයීමට කුඩා අවන්හලක් ආරම්භ කිරීමටත් උද්‍යාන පාලන හා අනෙකුත් බලධාරීන් වෙත උපදෙස් ලබා දෙන ලදී.

    වනඋද්‍යාන පරිපාලනය මගින් ක්‍රියාත්මක කරනු ලබන කවුඩුල්ල වැවේ පදින බෝට්ටු ( Paddle boats) සේවය ක්‍රියාත්මක කිරීමේදී සියලු ආරක්ෂණ ක්‍රමවේදයන් අනුගමනය කරන ලෙසත්, ජීවිත ආරක්ෂණ ඇඳුම් කට්ටල (Life Safety Jackets) පරීක්ෂාකර, ඇඳුම් කට්ටල ප්‍රමාණයන් ප්‍රමිතිගත ලෙස පවත්වාගෙන යාමටත්, දැනට සිටින ජීවිත ආරක්ෂක නිලධාරීන් (Life Guards) ප්‍රමාණවත් නොවේ නම් පොලිස් විශේෂ කාර්ය බළකායේ කිමිදුම් කරුවන් හා ජීවිතාරක්ෂක නිලධාරීන්ගේ සේවය ලබා ගැනීමටත් කටයුතු කරන ලෙස වැඩිදුරටත් උපදෙස් දෙන ලදී.

    කවුඩුල්ල වනඋද්‍යානයට අදාල වෙබ් අඩවියක් ආරම්භකර ක්‍රියාත්මක කිරීමට උද්‍යාන භාර නිලධාරි එච්.පී.ඒ.කේ හෙට්ටිආරච්චි මහතා වෙත උපදෙස් දුන් අමාත්‍යවරයා සිටින සීමිත කාර්ය මණ්ඩලය අනෙකුත් බාහිර රාජකාරීන්හි යෙදවීමට සිදුවීමෙන් ඇතිවන අපහසුතාවයන් වලක්වා ගැනීම පිනිස, ජාතික වනෝද්‍යාන කාර්ය මණ්ඩලය වෙනම ඒකකයක් ලෙස ස්ථාපිත කිරීමටත් වනෝද්‍යාන පරිශ්‍රයන්ගෙන් බැහැර ප්‍රදේශවල රාජකාරීන් සඳහා ඒ ඒ අඩවි කාර්යාලයන්ට අවශ්‍ය නිලධාරීන් සංඛ්‍යාව ප්‍රමාණවත් පරිදි ලබාදීමටත් කටයුතු කරන ලෙස අමාත්‍යාංශයේ හා දෙපාර්තමේන්තුවේ අදාල නිලධාරීන් වෙත උපදෙස් දෙන ලද ලදී.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya