අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දේශපාලන තුරුම්පු වලින් ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙල කඩාකප්පල් කරන්න එපා-නැගෙනහිර ආණ්ඩුකාර

    ජූලි 21, 2021

    දේශපාලන තුරුම්පු ගසමින් ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමට ඉඩ නොතබන්නැයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවාය.

    එක් එක් දේශපාලන න්‍යායපත්‍ර වලට බෙදී ගියහොත් තුවාල වුණු මෙම පළාත කිසිදා ගොඩ නැගීමට නොහැකි බවද ආණ්ඩුකාරවරිය කීවාය.

    තිරසර ගොවිතැන පිළිබදව ඇනුවත් කිරීම සදහා පැවති පස්දින වැඩමුළුව සමාප්ත කිරීමේ අවස්ථාවට ඊයේ (20) ත්‍රිකුණාමලය උප්පුවේලි ප්‍රාදේශිය සභා ශ්‍රවණාගාරයේදි එක්වෙමින් ඇය මේ බව සදහන් කළාය.

    දින 5ක් පුරා පැවති මෙම වැඩමුළුවේදි කාබනික ගොවිතැන, පරිසර හිතකාමී, කෘෂිකර්මය, පස් පරීක්ෂාව, කොමිපෝස්ට් නිෂ්පාදනය යන ක්ෂේත්‍ර පිළිබදව නිළධාරින් සහ ප්‍රාදේශිය දේශපාලඥයින් දැනුවත් කළහ.

    මෙම වැඩමුළුවේ සම්පත්දායකයින් ලෙස මහාචාර්ය සමන් වීරක්කොඩි, මහාචාර්ය ලයනල් විරකෝන්,ආචාර්ය චානක කරුණාරත්න, මහාචාර්ය පියල් මාරසිංහ, ආචාරය ජානක කරුණාරත්න යන මහත්වරුන් එක්වූහ. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආණ්ඩුකාරවරිය මෙසේද පැවසීය.

    “ජනාධිතුමාට මේ වැඩේ කරන්න අවශ්‍ය ධෛර්ය දුන්නේ අපේ පළාතෙන් මම ඒක බය නැතුව කියනවා. ඒ මොකද අපි කාලයක් තිස්සේ මෙහි වස විස නැති කුඹුරු කරපු නිසා. ඒකට ගොවියන්ගේ උත්සහය ඇත්තටම අවශ්‍යයි. නමුත් ඒකේ ප්‍රායෝගික පලපුරුද්ද තිබුණ නිසා අපිට බය නැතිව කියන්න පුළුවන් මේක සාර්ථකව කරන්න පුළුවන් කියලා.

    මේ යෝජනාවන් හදලා ජනාධිපතිතුමාට ඉදිරිපත් කරලා අපේ ඇමතිතුමාවත් දැනුවත් කළා. අපි කරන්න යන ක්‍රමවේදය. මෙය විශාල ක්‍රියාවක්, දේශපාලන අධිකාරිය අපේ වැඩ වල කොටස් කාරයෙක් බවට පත් වෙන්න ඕනේ. අපි කැඩිලා බිදිලා වෙන් වෙලා කවමදාකවත් අපේ මේ තුවාල වෙච්ච පළාත සුවපත් කරන්න බෑ. ඒක මට ආපු දවසේ ඉදන්ම හොදට තේරෙන දෙයක්. අපි අපේ හැම වැඩේදිම එකතු වෙන්න ඕනේ. දේශපාලනික වශයෙන් බේද නොවී.

    මට ඕනේ මේ පළාත සෞභාග්‍යමත් පළාතක් වෙනවා දකින්න. මේ පළාතේ ඉන්න පීඩා විදින ගොවි මහතා පිඩා නොවිදින පුද්ගලයෙක් බවට පත් කරන්න. ඉතින් ඒක තමයි මගේ ඉලක්කය. ඒක සියළු දෙනාම එකතු කරගෙන සතුටින් යන්න ඕනි. ගමනක්. දේශපාලනය අත්‍යවශ්‍යයි. දේශපාලනය හරහා තමයි රාජ්‍ය බලය ලැබෙන්නේ. නමුත් දේශපාලනිකව කැඩෙන්නේ නැතුව කරන වැ‌ඩේදි එකිනෙකාට උදවු කරගෙන අපි ඉස්සරහට යන්න ඕනි.

    මේ වැඩේ ජනාධිපතිතුමා පටන් අරන් තවම මාසයයි. ඒ අතරේ අපිට ගොවිමහතාගේ සිට ඉහල නිළධාරීන් දැනුවත් කරනවද, ඉහළ නිළධාරියාගේ සිට ගොවි මහතා දැනුවත් කරනවද කියලා අපි තිරණය කරන්න ඕනි. කොයි තරම් ගොවි මහතා දැනුවත් කළත් තාක්ෂණය දුන්නත් වැඩක් වෙන්නේ නැ. ඉහළ නිළදධාරීන්ගේ ආකල්ප කෘෂිකර්ම නිළධාරින්ගේ ආකල්ප වැරදි නම්, කොයි තරම් අපි මහන්සි උනත් මේක සාර්ථක වෙන්නේ නැ. මම දැන් අධ්‍යනය කරපු හින්දා මම දන්නවා.

    මේ දැනුම හරියට ඉහළ නිළධාරීන්ට ලබා දුන්න‌නේ නැත්නම් කොයි තරම් ගොවියා දැනුවත් කලත් ගොවියා ලගට ගියත් මේ වැඩේ සාර්ථක වෙන්නේ නෑ. ඉතින් ඒ නිසා තමයි මේ දැනුවත් කිරිමේ වැඩසටහන පවත්වලා ඔබ තුමාලව දැනුවත් කරන්න හිතුවේ. ඔබතුමාල දැන් ඒකට ධනාත්මකව මුහුණ දෙයි කියලා හිතාගෙන තමයි මම මෙතනට ආවේ. තාම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවටවත් අදහසක් නෑ මේක සම්පූර්ණයෙන්ම සාර්ථක කර ගන්න ක්‍රමවේදය. අපි ඒ ක්‍රමවේදය සිදු කරන්න ඕනි.

    අපි බලාපොරොත්තු වුණා මේ හරහා රටේ මිනිසුන්වත් හදන්න ඕනි. රට ලස්සන කරලා විතරක් මදි. අපිට මීට වඩා ධනාත්මක මිනිස්සු බවට පත් වෙන්න පුළුවන්. මේ සියළු බලපොරොත්තු ඇතිව අපි මේ වැඩේට යන්න ඕනි.පොඩි පොඩි දේශපාලන තුරුම්පු හදලා මේ වැඩේ කඩාකප්පල් කරන්න දෙන්න එපා. ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙලයි එතකොට පරාජය වෙන්නේ. එහෙම කරන්න දෙන්න එපා.” යැයිද ආණ්ඩුකාරවරිය වැඩිදුරටත් කීවාය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya