සැප්තැම්බර් 21, 2021
tami eng youtube  twitter facebook

    චීන වෙළදපොළට පිවිසීමට ශ්‍රී ලාංකිකයන්ට මාර්ග ගත වේදිකාවක්

    ජූලි 18, 2021

    ලාභදායී චීන වෙළඳපොළට පිවිසීමට අපේක්ෂා කරන ශ්‍රී ලංකා අපනයනකරුවන් සඳහා මාර්ගගත වේදිකාවක් හදුන්වා දීමට බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පියවර ගෙන තිබේ.

    සීමාසහිත හයිරොං ටෙක්නොලොජි සමාගමේ ද සහය ඇතිව එහි මූලික ආරම්භයක් ලෙස ආයෝජන ප්‍රවර්ධන සම්මන්ත්‍රණයක් ඉකුත් 11 වනදා පැවැත්විණ. ශ්‍රී ලංකාවේ පවතින ආයෝජන අවස්ථාවන් ගවේෂණය කිරීම සඳහා මෙම වේදිකාව මඟින් අනාගත ආයෝජකයින් දිරිමත් කරනු ඇත. තානාපති ආචාර්ය පාලිත කොහොන  මහතා සහ සීමාසහිත හයිරොං ටෙක්නොලොජි හි සාමාන්‍යාධිකාරී ජෝන් පෑන් මහතා විසින් මෙම වේදිකාව නිල වශයෙන් දියත් කරන ලදි.

    චීනයේ රාජ්‍ය හිමිකාර ව්‍යාපාරවල සභාපතිවරුන් සහ පෞද්ගලික සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන් මෙහි ආරාධිතයින්ට ඇතුළත් විය.

    ආයෝජන සඳහා පළමු තේරීම ලෙස ශ්‍රී ලංකාව පිළිබඳව සලකා බලන ලෙස තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා ආයෝජකයින්ට ආරාධනා කළේය. දේශපාලන ස්ථායිතාව, වසංගතය පාලනය කිරීම පිළිබඳ සාපේක්ෂ වශයෙන් වඩාත් හොඳ ක්‍රියාකාරිත්වය සහ එන්නත ලබා දීමේ ක්‍රියාවලිය ආයෝජකයින්ගේ විශ්වාසය දිරිගැන්විය යුතු මෑත කාලීන වර්ධනයන්ගෙන් සමහරක් බව එතුමා පැවසීය.රජයේ බදු ප්‍රතිපත්තිය, විශේෂයෙන් ආයතනික බදු, ආයෝජන ආරක්ෂාව සඳහා වන නීතිමය සහතික ආදිය එතුමා පැහැදිලි කළේය. කොළඹ වරාය නගරය, හම්බන්තොට කාර්මික කලාපය, එරාවූර් රෙදිපිළි උද්‍යානය සහ ශ්‍රී ලංකාවේ අනෙකුත් නිදහස් වෙළඳ කලාපයන්හි පවතින නව අවස්ථා පිළිබඳව සලකා බලන ලෙස ආචාර්ය කොහොන මහතා විශේෂයෙන් අනාගත ආයෝජකයින්ගෙන් ඉල්ලා සිටියේය.

    සීනෝෆාම් එන්නත සමඟ ශ්‍රී ලංකාවේ ශක්තිමත් ලෙස ක්‍රියාත්මක කර ඇති එන්නත් කිරීමේ වැඩසටහනත් සමඟ වසංගතය පාලනය කිරීමට හැකි වනු ඇතැයි එතුමා විශ්වාසය පළ කළේය. ශ්‍රී ලංකාව සෞඛ්‍ය ප්‍රොටෝකෝලයන්ට යටත්ව සංචාරකයින් පිළිගනු ඇතැයි තානාපතිවරයා පැවසීය.

    තානාපතිවරයාගේ කතාවෙන් අනතුරුව ශ්‍රී ලංකා සංචාරක කටයුතු පිළිබඳ වීඩියෝ දර්ශන ප්‍රදර්ශනය කරන ලදි.

    චයිනා මෙටලර්ජිකල් ගෲප් (MCC) හි උප සභාපති ෂු ෂියැංචුන් මහතා සහ හයිරොන්ග් ටෙක් හි සාමාන්‍යාධිකාරී ජොන් පෑන් මහතා ද මෙම අවස්ථාවට සහභාගී වූහ. ඔවුහු ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම පිළිබඳ අත්දැකීම් බෙදාහදා ගත්හ.

    ඉන් අනතුරුව, තානාපතිවරයා සහ ශ්‍රී ලංකාව පිළිබඳ පළපුරුද්ද සහිත චීන ව්‍යවසායන්හි ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන් විසින් ප්‍රශ්නෝත්තර සැසියක් පවත්වන ලදි. මෙම ප්‍රශ්නෝත්තර සැසියේ දී, හයිරොන්ග් ටෙක් හි සාමාන්‍යාධිකාරී ලියෝ පෑන් මහතා සහ චීන මෙටලර්ජිකල් සමූහයේ (MCC) උප සභාපති ෂු ෂියැංචුන් මහතා ශ්‍රී ලංකාව පිළිබඳ ඔවුන්ගේ අත්දැකීම් බෙදාහදා ගත්හ. ශ්‍රී ලංකාවේ සංචාරක කටයුතු, කෘෂිකාර්මික හා පුනර්ජනනීය බලශක්ති යන අංශවල විශාල ආයෝජන අවස්ථා පවතින බව ලියෝ මහතා විශේෂයෙන් අවධාරණය කළේය. ඛනිජ වැලි ක්ෂේත්‍රයේ හා කාබනික පොහොර නිෂ්පාදන ක්ෂේත්‍රයේ ආයෝජනය කිරීමෙ සඳහා පවතින හැකියාව පිළිබඳව චීන මෙටලර්ජිකල් සමූහය ගවේෂණය කරමින් සිටින බව ෂු මහතා පැවසීය. සුළං බලශක්තිය සහ සූර්ය විදුලිබල උත්පාදනය සඳහා ආයෝජනය කිරීමට උනන්දුවක් දක්වන බව හුආඩියන් සමූහයේ වැන්ග් මියාවෝයුවෑන් මහතා පැවසීය.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya