අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සාම්ප්‍රදායික අධ්‍යාපනය වගේ ම වෘත්තීය අධ්‍යාපනයටත් රජය සමාන ප්‍රමුඛතාවක් ලබා දෙනවා -අධ්‍යාපන අමාත්‍ය

    ජූලි 17, 2021

    සාම්ප්‍රදායික අධ්‍යාපනය දියුණු කරන අතර ම නිපුණතා සංවර්ධනය කෙරෙහි ද රජය දක්වන්නේ ඉහළ උනන්දුවක් බව ත් සාම්ප්‍රදායික විශ්වවිද්‍යාල දියුණු කරන අතර වෘත්තීය පුහුණුව දෙවෙනි වැදගත්කමක් හැටියට නොව සියලු දෙනාගේ අනාගතයට සෘජුව බලපාන කරුණක් ලෙස වර්තමාන රජය සලකන බව ද අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් .පීරිස් මහතා පැවසී ය.

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, ඊයේ (16) ඔරුගොඩවත්ත කර්මාන්ත සහයෝගීතා ආධුනිකත්ව පුහුණු මධ්‍යස්ථානයේ දී ආරම්භ කෙරුණු ‘විදුලි සංදේශ තාක්ෂණ ශිල්පී’ පාඨමාලාව ආරම්භ කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි.


    අපේ රටේ ප්‍රධානත ම සමාගම් අප සමඟ පවසන ප්‍රධාන ගැටලුව වනුයේ ප්‍රාග්ධනය නොව ‘පුහුණු ශ්‍රම බලකාය’ යි. පරිගණක තාක්ෂණ අංශයේ දැනට ක්‍රියාත්මක වන වැඩකටයුතු 03 ගුණයකින් වැඩි කරන්නට ඊට සම්බන්ධ පුහුණු ශ්‍රමය තිබේ නම් හැකි බව ඔවුන් පවසති. ඒ අය නිර්මාණය කිරීම සඳහා නිපුණතා සංවර්ධනය අතශ්‍යවශ්‍ය සාධකයකි.

    ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යංශයට අනුබද්ධ වෙන ම රාජ්‍ය අමාත්‍යංශයක් නිර්මාණය කරන්නට අතිගරු ජනාධිපතිතුමා කටයුතු කළේ ද එබැවිනි. ඒ පිළිබඳ රාජ්‍ය අමාත්‍යතුමිය මාස 11ක් වැනි කාලයක් තුළ වෘත්තීය පුහුණු ක්ෂේත්‍රයේ කැපී‍ පෙනෙන වෙනසක් සිදු කරමින් සිටී. ඒ අනුව මෙහි ප්‍රයෝජන ලෙස ඉතා ඉක්මනින් වෘත්තීය පුහුණු ක්ෂේත්‍රයේ විශාල දියුණුවක් අප රටේ දැකගත හැකිවනු ඇත.
    විදුලි සංදේශ පද්ධති පිළිබඳ සවිස්තරාත්මක න්‍යායික හා ප්‍රායෝගික පුහුනුව ද ඇතුළුව පද්ධති නඩත්තුව සහ ආරක්ෂාව පිළිබඳ පුහුණුව ද මෙහි අන්තර්ගත ය. න්‍යායාත්මක කොටස මාස 06ක් සහ ප්‍රායෝගික පුහුණුව මාස 12ක් ද වශයෙන් පාඨමාලාව සකසා තිබේ. ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය මේ සඳහා මැදිහත්වීමෙන් සිදු කරන වෙහෙස ඇගයිය යුතු ය.
    මේ අවස්ථාව සඳහා රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ, ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ සභාපති සහ අමාත්‍ය පෞද්ගලික ලේකම් නලින් ගම්ලත් මහතා ඇතුලු පිරිසක් ද එක් වූහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya