මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඖෂධ රාජ්‍ය ඇමති හා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නව නියෝජිත අතර හමුවක්

    ජූලි 14, 2021

    ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ශ්‍රී ලංකාවට පත්කළ නව නේවාසික නියෝජිතවරිය වන වෛද්‍ය අලකා සිං මහත්මිය සහ ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමනය රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අතර හමුවක් ඖෂධ නිෂ්පාදනය සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය කාර්යාලයේ දී සිදු විය.

    ගෝලීය වසංගතයක් වන කොවිඩ් රෝගයට ශ්‍රී ලංකාව මුහුණ දීමේ දී රජයක් වශයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ එහි දී අමාත්‍යවරයා හා නියෝජිතවරිය අතර සාකච්ඡා වූ අතර කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩපිළිවෙල මෙහිදී අවධානයට ලක්විය.

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ නව ශ්‍රී ලංකා නේවාසික නියෝජිතවරියට ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමනය රාජ්‍ය අමාත්‍යතුමා සුබාශීංසන පිරිනැමූ අතර, ශ්‍රී ලංකාවේ කොවිඩ් මර්දන වැඩසටහන හා සෞඛ්‍ය ප්‍රවර්ධනයට ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහයෝගය හැකි උපරිමයෙන් තවදුරටත් ලබාදෙන බව වෛද්‍ය අකලා සිං මහත්මිය පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya