මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවයිනේ සියලු ම පාසල් ගුරුවරුන් එන්නත්කරණ වැඩසටහන දින 10කින් අවසන්- දෙවැනි මාත්‍රාවත් සති හතරකින්

    ජූලි 14, 2021

    • 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන දිනය පිළිබඳ තීරණය ලබන අඟහරුවාදා.

    • මෙරට සමස්ත ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ප්‍රයෝජනය සඳහා නවතම රූපවාහිනී නාලිකා 16ක් ආරම්භ කරනවා.
    • රටේ අහිංසක දූ දරුවන් අපහසුතාවයට පත්වෙන අන්දමින් වෘතිතීය ක්‍රියාමාර්ගවලට එළඹීම එතරම් හොඳ ක්‍රියාමාර්ගයක් නොවෙයි.

    -අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්.

    ව්‍යාප්ත මට්ටමින් ආරම්භ කරන්නට යෙදුණු පාසල් ගුරුවරුන් එන්නත්කරණ වැඩසටහන දින 10ක් තුළ අවසන් කිරීමට නියමිත බවත් ඊයේ දහවල් 12 වනවිට බස්නාහිර පළාතේ ගුරුවරුන් 86%කට (කොළඹ දිස්ත්‍රික්කය 97%ක්, ගම්පහ 81%ක් සහ කලුතර 82%) ඌව පලාත 60%ක් (බදුල්ල 90%ක්) උතුරු පළාත 47%ක් (මුලතිවු 67%ක්, යාපනය 64%ක්, ‍කිලිනොච්චි 64%ක්) ද වශයෙන් එන්නත්කරණය සම්පූර්ණ කර ඇත.

    එන්නත්කරණ කටයුතු ආරම්භ කෙරුණු පළාත් වන මධ්‍යම, නැගෙනහිර, දකුණ, වයඹ, සහ උතුරුමැද පිළිවෙළින් 18%ක්, 17%ක්, 15%ක්, 15%ක් හා 9%ක් සම්පූර්ණ කර තිබෙන බවත් දින 10ක් ඇතුළත සමස්ත දිවයිනේ ම පාසල් ගුරුවරුන් සඳහා එන්නත්කරණය අවසන් කිරීමට හැකිවනු ඇති බව ත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය.


    අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ  (13) දින කොළඹ නෙළුම් මාවතේ පැවති මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමිනි.


    අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සහ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීම පිළිබඳ විවිධ ඉල්ලීම් මේ වනවිට ලැබෙමින් පවතින අතර පලාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් සමඟ අද පවත්වන සාකච්ඡාවකින් අනතුරුව දෙමාපියන්ට, ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට, ගුරුවරුන්ට සහ සෑම පාර්ශ්වකරුවකුට ම සාධාරණයක් වන පරිදි තීන්දුවක් ලබන සතියේ අඟහරුවාදා තමන් විසින් ප්‍රකාශයට පත් කෙරෙන බව ද අමාත්‍යවරයා පැවසී ය.


    එමෙන් ම ජාතික අධ්‍යාපන ආයතනය මඟින් මෙරට සියලු ම ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා වන අධ්‍යාපනික රූපවාහිනී නාලිකා 16ක් ආරම්භ කිරීම ද නියමිත ය. එම නාලිකා සඳහා දිවයිනේ ජනප්‍රියත ම සහ දක්ෂත ම ගුරුවරුන් සම්බන්ධ කරගැනීමට ‍අපේක්ෂිත ය. එම ගුරුවරුන්ගේ සේවය එක පාසලකට සීමා නොකර සමස්ත දිවයිනේ ම දූ දරුවන් වෙත ලබාදීමට වැඩසටහන් සකස් කෙරෙමින් පවතින බවත් මේ වනවිට ඒවායෙහි අන්තර්ගතය සැකසීමේ ක්‍රියාදාමය සිදුවෙමින් පවතින අතර ගුරුගෙදර වැඩසටහන සාර්ථක ව ක්‍රියාත්මක වේ.


    රට තුළ වසංගත තත්ත්වයක් පවතිද්දී සහ කැබිනට් පත්‍රිකාවක් සැකසීමට අදාළ වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කිරීමට නියමිත ව තිබිය දී පවා දීර්ඝ කාලයක් තිස්සේ පැවති ගුරු වැටුප් විෂමතා සම්බන්ධ ව වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට අවතීර්ණ වීම කිසිසේත් ම යෝග්‍ය තීරණයක් ලෙස සැලකිය නොහැකි ය. මේ තුළින් අසරණ භාවයට පත්වන්නේ මේ රටේ අහිංසක දරු පරපුර බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya