මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස අනූෂ පැල්පිට පත් කරයි

    ජූලි 14, 2021

    ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු වන අනූෂ පැල්පිට මහතා පත් කර තිබේ.

    ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් මෙම පත් කිරීම සිදු කරඇත.

    අත්දැකීම් බහුල කාර්යක්ෂම රාජ්‍ය නිලධාරියෙකු ලෙස කාගෙත් පැසසුමට ලක්ව තිබෙන අනූෂ පැල්පිට මහතා,රාජ්‍ය ආයතන ගණනාවක මෙන්ම රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ධුරයේ ද කටයුතු කර තිබේ.

    මීට පෙර විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ද අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ද කටයුතු කළ අනූෂ පැල්පිට මහතා, වත්මන් රජය යටතේ කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පත්කෙරුණි.

    කර්මාන්ත අමාත්‍යාංශයෙන් පසුව ඒ මහතා, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ද පසුගිය දා පත් විය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya