අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංචරණ සීමා හරහා රෝගය පැතිරීම බොහෝදුරට පාලනය කළා

    ජූනි 23, 2021

    පැවති සංචරණ සීමා හේතුවෙන් ඉදිරියේදී කොවිඩ් රෝගීන් වාර්තාවීමේ අඩුවක් විය හැකි බවට වසංගත රෝග විද්‍යාඥයින් අනාවැකි පළ කරන බවත්, යම් යම් අඩුපාඩු තිබුණද පැවති සංචරණ සීමා හරහා රෝගය පැතිරීම බොහෝදුරට පාලනය කළ බවත් සම කැබිනට් ප්‍රකාශක වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය ර‌මේෂ් පතිරණ මහතා පවසයි.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ (22 දින) පැවති කැබිනට් ප්‍රකාශ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කොවිඩ් සංචරණ සීමා පැවතීම හා රෝගීන් වාර්තාවීම සම්බන්ධයෙන් මාධ්‍ය විමසූ විට ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    වැඩිදුරටත් අදහස් දක්වන අමාත්‍යවරයා පවසන්නේ ,සුලු අඩුපාඩු පැවතියද මෙම සංචරණ සීමා සමස්තයක් ලෙස ගත් කළ ඉතා හොඳින් ක්‍රියාත්මක වූ බවත්, සංචරණ සීමා දැමීමට පෙර පැවති තත්වයට වඩා හොඳින් රෝගය පාලනය වී ඇති බවත්, එහි ප්‍රතිඵල ඉදිරියේදී දැකිය හැකි බවත්ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya