අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෙම කන්නයේ පොහොර හිඟයක් නැහැ- කැබිනට් මාධ්‍ය ප්‍රකාශක   ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල

    ජූනි 22, 2021

    මෙම කන්නයේ පොහොර හිඟයක් නැහැ - සහල් මෙට්‍රික් ටොන් ලක්‍ෂයක් මෙරටට ගෙන්වීමට තීන්දු කොට ඇත්තේ පොහොර වල ගැටළුවක් නොව වෙළඳපොල මිල පාලනය කිරීමටයි - කැබිනට් මාධ්‍ය ප්‍රකාශක  කෙහෙළිය රඹුක්වැල්ල

    2018 සහ 2019 වසර වල පොහොර ආනයනය විශාල වශයෙන් සිදු කිරීම නිසා මෙම කන්නයට අවශ්‍ය පොහොර ප්‍රමාණය තිබෙන බවත්, මෙම කන්නයේ පොහොර හිඟයක් නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (22) ප්‍රකාශ කළේය.


    ඒ මහතා මේ බව කියා සිටියේ, අද (22) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍ය වේදියෙකු විසින් කරන ලද පැනයකට
    පිළිතුරු වශයෙනි.

    එහෙත් ඇතැම් විට බෙදා හැරීමේ යම් කිසි දුර්වලතාවයක් ඇති බව දක්නට ලැබෙන අතර එය විසඳීමට කටයුතු කළ යුතු බවත්, ඇතැම් දේශපාලන කණ්ඩායම් විසින් ඔවුන්ගේ දේශපාලන වුවමනාවන් වෙනුවෙන් යම් යම් වැඩපිළිවෙලවල් ද මේ සමඟ ක්‍රියාත්මක වෙමින් පවතින බවත් සඳහන් කළ හෙතෙම, සහල් මෙට්‍රික් ටොන් ලක්‍ෂයක් මෙරටට ගෙන්වීමට තීන්දු කොට ඇත්තේ පොහොර වල ගැටළුවක් නොව යම් කිසි ආකාරයක අතිරේක සහල් ප්‍රමාණයක් මෙරට තබා ගත යුතු වන අතරම වර්තමානයේ උද්ගත ව ඇති තත්ත්වයන් තුළ මෙරට වෙළඳපොලේ සහල් මිලේ ඉහලභාවයක් තිබෙන හෙයින් එය පාලනය කිරීම උදෙසා බවත්, එලෙස පොහොර ගැටළුවක් වනවානම් වන්නේ මෙම කන්නයට නොව ඊළඟ කන්නයට බවත් අමාත්‍යවරයා මෙහි දී කියා සිටියේය.

    එමෙන්ම, සම කැබිනට් ප්‍රකාශක වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මෙහි දී  අදහස් දක්වමින් කියා සිටියේ, ගුණාත්මකභාවයෙන් යුතු කාබනික පොහොර ලබා දීම සම්බන්ධයෙන් දේශීය පොහොර ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටත්, තත්ත්වයෙන් ඉහළ අවශ්‍ය කාබනික පොහොර අනයනයට කැබිනට් අනුමැතිය ලැබී ඇති හෙයින් ඊළඟ කන්නයට අවශ්‍ය පොහොර ලබා දීම සඳහා මේ වන විට කෘෂිකර්ම අමාත්‍යංශය විසින් දේශීයව සහ විදේශීයව ප්‍රසම්පාදන ක්‍රියාවලින් දැනටමත් ආරම්භ කොට ඇති හෙයින් එම කටයුතු කඩිනමින් ක්‍රියාත්මක කරනු ලබන බවත්, ගොවි ජනතාවට පොහොර සම්බන්ධයෙන් කිසිඳු අනවශ්‍ය බියක් හෝ කලබලයක් ඇති කර ගත යුතු නොවන බව ඉතාමත් වගකීමෙන් ප්‍රකාශ කර සිටින බවත්ය. තව ද, මෙරට සියල්ලන්ගේම අනාගත සුභසිද්ධිය වෙනුවෙන් ගෙන ඇති මෙම තීරණය මඟින් වස විසෙන් තොර කෘෂිකර්මාන්තයෙන් ස්වයංපොෂිත ශ්‍රී ලංකාවක් උදෙසා සියල්ලෝම එකට එකතුව ඉදිරි මස 06 ක කෙටි කාල සිමාව තරමක් දුරට අපහසු විය හැකි නමුත්, මෙවැනි කෙටි කාලින අසීරු අවස්ථාවලට එක්ව මුහුණ දීමට කටයුතු කළ යුතු වන අතරම එකී කාලසීමාව තුළ යම්කිසි අස්වනු හානියක් සිදුවවහොත් ඒ සඳහා වන්දි ලබා දීමට ද සුදානම් බවත් රමේෂ් පතිර්ණ මහතා ප්‍රකාශ කර සිටියේය.

    රජයේ ගණන් කිරීම් වලට අනුව වී අස්වනු අවශ්‍ය ප්‍රමාණයට ලැබී ඇති නමුත්, මෙරට ක්‍රියාත්මක වන සහල් මාෆියාවක් එනම් කිහිප දෙනකු අතර වී තොග රැස් කර ගැනීම හා ඒවා වෙළඳපොළට නිකුත් නොකිරීම නිසා මතුවන ගැටළුකාරී තත්ත්වයන් වලට මුහුණ දීම සදහා ආරක්‍ෂිත ක්‍රියාමාර්ගයක් ලෙසත්, වෙළඳපොල මිල පාලනය කිරීම උදෙසාත් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් මෙරටට ගෙන්වීමට තීන්දු කර තිබෙන බව ද රමේෂ් ප්‍රතිරණ මහතා මෙහි දී වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya