අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාස්කු ප්‍රහාරයට වගකිවයුතු අයවලුන්ට ගැලවී යාමට අවස්ථාවක් නොදීමට සියලු සාක්ෂි අධ්‍යයනය කළ යුතුයි

    ජූනි 18, 2021

    පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවන් සම්බන්ධයෙන් එළැඹෙන ජූලි මාසය තුළ නඩු පැවරීමේ හැකියාවක් තිබෙන බවත්, මෙම ප්‍රහාරයෙන් අගතියට පත් ජනතාවට සාධාරණයක් ලබාදීමට හැකි සියලු නීතිමය කටයුතු සිදු කරන බවත්, මහජන ආරක්ෂාව පිළිබඳ කැබිනට් අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි.

    පාස්කු ප්‍රහාරයේ අද සහ හෙට යන මැයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද(18 දින) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මාධ්‍ය වෙත මේ බව පැවසීය.

    පසුගිය නීතිපතිවරයා නඩු පැවරීම් සඳහා පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසමේ වාර්තා නිකුත් වන තුරු සිටි බවත්, ඒවායේ පරස්පරතා ඇත්ද යන්න සෙයා බලා අධ්‍යයනය කර ඒ අනුව මෙම ප්‍රහාරයට වගකිවයුතු අයවලුන්ට ගැලවී යාමට අවස්ථාවක් නොදීමට සියලු සාක්ෂි අධ්‍යයනය කළ යුතු හෙයින් නඩු කටයුතු ප්‍රමාද වූ බවත්, අමාත්‍ය  සරත් වීරසේකර මහතා පැවසීය.

    ත්‍රස්තවාදී ප්‍රහාරවලදී කරන පරීක්ෂණ ගැඹුරින් අධ්‍යයනය කරන බැවින් ඒ සම්බන්ධයෙන් නීති කටයුතු කිරීමට සාමාන්‍යයෙන් ප්‍රමාදයක් පවතින බවත්, මෙම පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවන් 42නෙක්ට හෝ ආසන්න පිරිසකට ජූලි මාසයේ මැද වන විට නඩු පැවරීමට හැකි බවත් අමාත්‍ය  සරත් වීරසේකර මහතා වැඩිදුරටත් පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya