මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පෙර පාසල් ගුරුවරුන් ගත් ණය වාරික ගෙවන්න සහන කාලයක් ලබාදීමට අගමැතිතුමන් සමඟ සාකච්ඡා කරනවා - රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත.

    ජූනි 12, 2021

    පෙරපාසල් ගුරුවරුන් ලබාගෙන ඇති ණය වාරික සදහා අය කරනු ලබන මාසික වාරික ගෙවීමට සහන කාලයක් ලබාදීම පිළිබඳව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කරන බව කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පැවසීය.

    ඒ මහතා මේ බව පැවසූයේ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සමග අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවති හමුවකට සහභාගී වෙමිනි.

    මෙම හමුවේදී පෙරපාසල් ජාතික ප්‍රතිත්තියෙහි කෙටුම්පත පිළිබඳ මෙන්ම පෙර පාසල් දරුවන් වෙනුවෙන් හා ගුරුවරුන් වෙනුවෙන් ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳවත් සාකච්ඡා කර ඇත.

    එම අවස්ථාවට කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කුමාරි ජයසේකර මහත්මිය, මුල් ළමාවිය සංවර්ධනය පිළිබද ජාතික ලේකම් කාර්‍යාලයේ අධ්‍යක්ෂිකා නයනා ද සිල්වා, සහකාර අධ්‍යක්ෂිකා ලක්මී සෞභාග්‍යා යන මහත්මීන් ද සහභාගී විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya