අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ සිදුවීම සම්බන්ධයෙන් සොයා බැලීමට අමාත්‍ය නියමයෙන් කමිටු දෙකක්

    ජූනි 08, 2021

    පසුගිය දින ඇදහැලුණු අධික වර්ෂාවත් සමග තෙල් සංස්ථාවට අයත් සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ බිම් මට්ටමේ පිහිටි ජලය මිශ්‍රිත තෙල් පිරිසිදු කිරීමට භාවිතා කරන පවිත්‍රාගාර පද්ධතියක් වැසි ජලයෙන් පිරී පිටාර ගැලීම නිසා ජලයට තෙල් මිශ්‍රවීමක් සිදුවිය.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් කර, මෙවැනි තත්වයන් ඇතිවීම කෙරෙහි බලපෑ කරුණු අනාවරණය කර ගැනීම සහ යළි මෙවැනි තත්වයක් ඇති නොවීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම සඳහා බලශක්ති අමාත්‍යවරයා විසින් විමර්ෂණ කමිටුවක් පත් කර ඇත.

     

    බලශක්ති අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් උපුල් විජේසේකර මහතාගේ සභාපතීත්වයෙන් මෙම කමිටුව පත්කර ඇත. කමිටුවේ සෙසු සාමාජිකයන් වනුයේ බලශක්ති අමාත්‍යාංශයේ ජේෂ්ඨ සහකාර ලේකම් (පාලන) නයනා ඊ සේනාරත්න, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මෙහෙයුම් කළමනාකරු මේනක ජීවසිරි , නීතිඥ භූපති කහතුඩුව (බාහිරින් පත්කරන ලද කමිටු සාමාජික) යන මහත්ම මහත්මීන්ය. මීට අමතරව මෙම සිද්ධියෙන් පීඩාවට පත් ජනතාව සඳහා කඩිනමින් වන්දි ලබාදීම සඳහා අමාත්‍යවරයා විසින් වන්දි කමිටුවක්ද පත් කර ඇත.

    ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ජේෂ්ඨ කළමනාකාර වයි ඒ බී එස් ප්‍රියංකර මහතාගේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මක වන වන්දි කමිටුවේ සෙසු සාමාජිකයන් වනුයේ සපුගස්කන්ද පිරිපහදු කළමනාකරු (සිවිල්) පී එෆ් ඩබ්ලිව් දයානාත් සහ වරලත් තක්සේරුකරු තාරක වේරගොඩ (බාහිරින් පත්කරන ලද කමිටු සාමාජික) යන මහත්වරුන්ය.

     අදාළ කමිටු දෙක විසින් මේ සම්බන්ධ වාර්තා දින 14 ඇතුලත බලශක්ති අමාත්‍යවරයා වෙත ලබාදිය යුතුය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya