අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැඩි අවධානම් ගැබිණි මවුවරුන් ප්‍රථම අදියරේ දී එන්නත්කරණය කරනවා- විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලී ද සිල්වා

    ජූනි 07, 2021

    කොවිඩ් ආසාදනය වුවහොත් සංකූලතා වැඩිවිය හැකි සහ වැඩි අවධානම් ගැබිණි මවුවරුන් ප්‍රථම අදියරේදී එන්නත්කරණය කරනවා - පවුල් සෞඛ්‍ය කාර්යංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලීද සිල්වා

    සෞඛ්‍ය අමාත්‍යංශය විසින් කොවිඩ් 19 රෝගය සදහා ගර්භණී මවුවරුන්ට එන්නත්කරණය සිදුකිරීමට තීරණය කර ඇති අතර ඒ් අනූව කොවිඩ් ආසාදනය වුවහොත් සංකූලතා වැඩිවිය හැකි සහ වැඩි අවධානම් සහිත ගැබිණි මවුවරුන් ප්‍රථම අදියරේදී එන්නත්කරණය කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ පවුල් සෞඛ්‍ය කාර්යංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලීද සිල්වා මහත්මිය පැවසුවාය.

    ඇය මේ බව සදහන් කළේ අද දින (07) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේදී ගැබිණි මවුවරුන් සදහා කොවිඩ් එන්නත ලබාදීම සම්බන්ධයෙන් පැවති විශේෂ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

    කොවිඩ් ආසාදනය ගර්භණී මවකට ඇති වුවහොත් සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා රෝගයේ සංකූලතා වැඩිවිය හැකි බවත් රෝගය අසාධ්‍ය තත්ත්වයට පත්විය හැකි බවත් හේතුවෙන් එවැනි අවධානම් කණ්ඩායම් හදුනාගනිමින් ප්‍රතිශක්තීකරණ එන්නත ලබාදීම අරඹන බව විශේෂඥ වෛද්‍යවරිය සදහන් කළාය.

    ඒ් අනූව පළමු වටයේ එන්නත්කරණය සදහා තෝරාගෙන ඇති අධි අවධානම් මවුවරුන් කණ්ඩායම් වශයෙන් වයස අවුරුදු 35ට වැඩි ගර්භණී කාන්තාවන්, අධික ස්ථුලභාවය ඇති ඒනම් බී ඒම් අයි අගය 30ට වැඩි කාන්තාවන්, අධි රුධිර පීඩනය, දියවැඩියාව, අක්මා රෝග, නිදන්ගත ශ්වසන රෝග, වකුගඩු රෝග, හදවත් රෝග, පිළිකා රෝග ආදී රෝග වලින් පෙළෙන ගර්භණී මවුවරුන් හදුනාගෙන ඇති බව ඇය වැඩිදුරටත් පැවසුවාය.

    එමෙන්ම කොවිඩ් වැළැක්වීමේ වැඩසටහන සදහා ඉදිරිපෙළ කටයුතු කරන ගර්භණී මවුවරුන් සදහා ද එන්නත ලබාදීමට කටයුතු කරන බවද පවුල් සෞඛ්‍ය කාර්යංශයේ අධ්‍යක්ෂතුමිය අවධාරණය කළාය.

    එන්නත ලබාදෙන්නේ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය කාර්යය මණ්ඩලය හරහා ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය නිලධාරී මගින් බවත් මෙම මවුවරුන් කාණ්ඩය නිවැරදිව හදුනාගනිමින් ඔවුන් සදහා එන්නත ලබාදීමේ ක්‍රමවේදය සකස් කර ඇති බවද ඇය පැවසුවාය.

    ගර්භණී ඔබ මෙම කාණ්ඩ වලට අයත් නම් එන්නත ලබාදෙන දිනය සහ ස්ථානය අනූව සායනය වෙත ගොස් එන්නත ලබාගැනීමේ හැකියාව ඔබ සතුව පවතින බව අවධාරණය කළ විශේෂඥ වෛද්‍යවරිය වැඩිදුරටත් කියා සිටියේ අනෙකුත් එන්නත් ලබාගන්නා පුද්ගලයන්ට මෙන් ගර්භණී මවුවරුන්ටද එන්නත ලබාගැනීමට පෙර ඒ් සදහා කැමැත්ත ප්‍රකාශ කිරීමේ සටහනක් ඇති බවත් ඒ් සදහා කැමැත්ත ප්‍රකාශ කර එන්නත ලබාගැනීමේ හැකියාව මවුවරුන්ට පවතින බවයි.

    එන්නත ලබාගත් පසු ඔබගේ ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය දින 02කට පසුව පැමිණ මෙම එන්නත මගින් ඔබට යම්කිසි අපහසුතාවයක් ඇතිවූවාදැයි පසුවිපරම් කර බලන බවද ඇය සදහන් කළාය.

    කොවිඩ් එන්නත ලබාගත්තද රොගය වැළධීමේ යම් හැකියාවක් පවතින බැවින් සියලුම සෞඛ්‍යාරක්ෂක ක්‍රමවේද පිළිපැදීම අත්‍යවශ්‍ය වන බවත් සිහිපත් කරමින් පවුල් සෞඛ්‍ය කාර්යංශයේ අධ්‍යක්ෂතුමිය වැඩිදුරටත් කියා සිටියේ විශේෂයෙන් ම ගර්භණී මවුවරුන් සෙනග ගැවසෙන ස්ථාන වලට යාමෙන් වැළකී සිටින ලෙසත්, හැකිතාක් නිවසේම රැදී සිටින ලෙස සහ නිරන්තරයෙන් දෑත් සබන් යොදා සෝදන ලෙසයි. ඒමෙන්ම එළියට යන්නේ නම් සෑම විටම මුව ආවරණ පළදින ලෙසත් සංවෘත්ත ප්‍රදේශ එනම් ජනෙල් දොරවල් වැසූ වායු සමනය කරන ලද කාමර වල රැදී සිටීම අවම කරන ලෙසයි. මෙවැනි ක්‍රම වලට අනුගත වීම තුළින් ගර්භණී මවුවරුන් කොවිඩ් රෝගයෙන් ආරක්ෂා කරගැනීමට හැකියාව ලැබෙන බවද ඇය සිහිපත් කළාය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya