අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හිතුණු හිතුණු පෞද්ගලික ආයතන වලට එන්නත් ලබාගන්න බැහැ- ලංකාව තුළ එන්නත් ලබාගැනීමේ හැකියාව ඇත්තේ SPC ආයතනයට පමණයි - රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන.

    ජූනි 02, 2021

    හිතුණු හිතුණු පෞද්ගලික ආයතන වලට එන්නත් ලබාගත නොහැකි බවත්, ලංකාව තුළ එන්නත් ලබාගැනීමේ හැකියාව ඇත්තේ SPC ආයතනයට පමණක් බවත් එන්නත් නිෂ්පාදනය කරන සමාගම්ද එන්නත් ලබාදෙන්නේ ඕනෑම රටක ඖෂධ හෝ ඒනනත් පිළිබදව කටයුතු කරන රාජ්‍ය ආයතනයට පමණක් බැවින් අප රටෙහි SPC ආයතනයට පමණක් එන්නත් ලබාගැනීමේ හැකියාව පවතින බව ඖෂධ නිෂ්පාදන, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසුවේය.

    ඔහු මේ බව පැවසුවේ අද දින (02) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී '' එන්නත්කරණයේ අද සහ හෙට '' පිළිබදව දැනුවත් කිරීම සදහා පැවති විශේෂ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

    2020 වසරේ මධ්‍ය වාර්ෂික ජනගහණ පුරෝකතනයට අනූව සමස්ථ ජනගහණය මිලියන 21ක් බවත් ඉන් අවුරුදු 20ට වැඩි අය මිලියන 14.5ක් සිටින අතර එන්නත් මාත්‍රා 2ක් සහ එකක් ඇති එන්නත් පවතින අතර ආරම්භයේ සිටි මාත්‍රා 02ක් ඇති එන්නත් ලබාදුන් නිසා මිලියන 14ක ප්‍රමාණයක් සදහා එන්නත් මිලියන 28ක් අවැසි බව සිහිපත් කළ රාජ්‍ය අමාත්‍යවරයා එන්නත් ලබාදීමේ දළ සැලසුම පැහැදිලි කරමින් වැඩිදුරටත් පැවසුවේ මුලින් ගැබිණි මවුවරුන් සදහා එන්නත නිර්දේශ නොකළ අතර පසුව ගැබිනි මවුවරුන්ටද එය නිර්දේශ කළ බැවින් අප රටෙහි ගැබිණි මවුවරුන් ලක්ෂ 03කට ආසන්න ප්‍රමාණයක් සිටින අතර රටෙහි සමස්ථය ලක්ෂ 145කට එන්නත් ලබාදිය යුතු බවයි.

    මෙම එන්නත්රණ වැඩපිළිවෙල සම්බන්ධයෙන් ප්‍රථමයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයෙහි ගැවී වැඩපිළිවෙල සමග, අමාත්‍ය මණ්ඩල මට්ටමින් සහ ජනාධිපති කාර්ය සාධක බලකා මට්ටමින් සාකච්ඡා දියත් කරමින් පෙර සූදානම ලබාගනිමින් එන්නත්කරණ වැඩපිලිවෙලට අවශ්‍ය වන සියල්ල එනම් සිලින්ජර, උපකරණ, ආසාත්මිකතා ඇතිවුවහොත් ඒ සදහා ලබාදීමට අවශ්‍ය වන ඖෂධ, අවශ්‍ය මධ්‍යස්ථාන, ප්‍රවාහන පහසුකම් ආදී සියල්ල සූදානම් කරගනිමින් ගියවසරේ අගෝස්තු සැප්තැම්බර් මාස වල එන්නත්කරණය ඇරඹීම සදහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් කළ බවද එන්නත්කරණ වැඩපිලිවෙල ප්‍රමාද වුණු බවට ඇතැමුන් ප්‍රචාර ගෙන යන අතර එය මුළුමනින්ම අසත්‍ය බවත් එනම් එන්නත්කරණ වැඩසටහනෙහි කිසිදු ප්‍රමාදයක් සිදුනොවුණු බවද අමාත්‍යවරයා පැවසුවේය.

    ප්‍රථමයෙන්ම ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නතෙහි ලක්ෂ 05ක ප්‍රමාණයක් මෙරටට පසුගිය ජනවාරි 28 වනදා ලද බවත්, මනා පෙර සූදානම පැවති බැවින් පසුදා සිට එනම් ජනවාරි 29 වනදා සිට එන්නත්කරණය අප රටෙහි ඇරඹීමට හැකිවූ බවද අමාත්‍යවරයා සිහිපත් කළේය.

    එම එන්නතෙහි තවත් ලක්ෂ 05ක් මිලදී ගත් බවද, තවත් 264000ක ප්‍රමාණයක් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කෝවැක්ස් පහසුකම යටතේ ලබාදුන් අතර මුළු ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත් 1264000ක ප්‍රමාණයක් මෙරටට ලද බවද ඔහු සිහිපත් කළේය.

    ඉන්පසු චීනයේ සයිනොෆාම් එන්නත මාත්‍රා ලක්ෂ 06ක් ප්‍රධානයක් වශයෙන් ලද අතර ඉන් පසුව නැවත තවත් ලක්ෂ 05ක්ද වශයෙන් මේ වන විට සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 11ක් අප රටට ලැබී ඇති බවද සමස්ථයක් වශයෙන් මාත්‍රා මිලියන 13ක් මිලදී ගැනීම සදහා සයිනොෆාම් ආයතනය සමග අප රට ගිවිසුම්ගතවී ඇති බවද රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හරහා එම කටයුතු සිදුවන බවද, රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේය.

    විශේෂයෙන්ම චීනයේ බීජිං නුවර සිටින අප රටෙහි තානාපති වන පාලිත කොහොන මහතා එම මිලදී ගැනීම් පිළිබදව අප රට වෙනුවෙන් මිල ගණන් සාකච්ඡා කර මිලදීගැනීම් සම්බන්ධයෙන් ඉතාම පාරදෘෂ්‍ය භාවයකින් කටයුතු කළ බව සිහිපත් කළ රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ මිලදීගැනීම් කරන පළමු මිලියනය ජූනි 06 වනදාත් ඉතිරි මිලියනය ජූනි 09 වනදාද වහයෙන් නිදහස් කළ හැකි බව අදාල සමාගම දැනුම් දුන් බවද, ඉදිරි දින 10 ඇතුලත චීන සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 20ක් අප රටට ලැබෙනු ඇති බවයි.

    රුසියානු ස්පුට්නික් එන්නත මුලදී 15000ක් ලද අතර ගෙවීම් කර 50000ක් ලබාගත් බවද අද හෝ හෙට ඔවුන් අප රටට ලබාදෙන ඊළග මාත්‍රා ප්‍රමාණය කොපමණක්ද ලබාදෙන්නේ කවදාද යන්නත් දැනගැනීමට හැකිවනු ඇතැයිද අමාත්‍යවරයා සිහිපත් කළේය. එමෙන්ම රුසියානු ස්පුට්තික් එන්නත් මාත්‍රා මිලියන 14ක් ලබාගැනීම සදහා අප රට රුසියානු ආයතනය සමග ගිවිසුම්ගතවී ඇතැයිද, ඇමරිකා එක්සත් ජනපදය සමගද එන්නත් ලබාගැනීම සම්බන්ධයෙන් ගිවිසුම්ගතවී ඇතැයිද ඔහු සදහන් කළේය.

    ඒ අනූව ඔවුන් මෙම වසර තුළ ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 05ක් අප රටට ලබාදෙන බව තහවුරු කර ඇති බවද, එහි පළමු කොටස වශයෙන් මාත්‍රා ලක්ෂ 3ත් 4ත් අතර ප්‍රමාණයක් එළඹෙන ජූලි මාසයේදී අප රටට ලැබෙනු ඇතැයිද අමාත්‍යවරයා සිහිපත් කළේය.

    මේ වන විට චීනයේ නිපදවන අනෙක් ප්‍රධානම එන්නත වන සිනොවැක් එන්නත ලබාගැනීමටද සාකච්ඡා කර ඇති අතර එම එන්නත ලංකාව තුළ නිපදවීමට අවශ්‍ය මූලික කටයුතු සදහා අවශ්‍ය වැඩපිළිවෙල සකස්කරමින් සිටින බවද සදහන් කළ අමාත්‍යවරයා තවත් සති කිහිපයකින් ලංකාව තුළ සිනොවැක්ස් එන්නත ලබාදීමට හැකිවෙනු ඇතැයිද පැවසුවේය.

    එක් මාත්‍රාවක් පමණක් ලබාදෙන ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත අප රටට ලබාගැනීම සදහා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් මේ වන විට මූලික සාකච්ඡා නිමා කර ඇති බවද, එම එන්නතද තව සති කිහිපයකින් අප රටට ලබාගැනීමට හැකිවනු ඇතැයි විශ්වාස කරන බවද ඔහු පැවසුවේය.

    මෙම සියල්ලක්ම සදහා කල්වේලා ඇතිව අදාල ආයතනත් සමග සාකච්ඡා කර කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාගනිමින්, කැබිනට් මණ්ඩලය විසින් පත්කරන ලද විශේෂ කමිටුවක් විසින් මිල ගණන් පිළිබදව නිර්දේශ ලබා ගනිමින් කටයුතු සිදු කළ බවද ඔහු සිහිපත් කළේය.

    ඇස්ට්‍රාසෙනිකා එන්නතෙහි දෙවන මාත්‍රා හිගය පිලිබදව පැහැදිලි කරමින් අමාත්‍යවරයා සදහන් කළේ මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානය ලබාදී ඇති නවතම දත්ත අනූව එම එන්නත් මාත්‍රා දෙක අතර පරතරය මාස 06ක් දක්වා පවත්වාගත හැකි බවත් මාස 06ක් තුළ දෙවනි මාත්‍රාව ලබාගැනීමෙන් මනා ප්‍රතිශක්තිකරණයක් ලැබෙන බවද පවසමින් වැඩිදුරටත් සදහන් කළේ අතිරික්තයක් ඇති රට වලින් ලබාගැනීමට කටයුතු කරමින් සිටින බව සහ එලෙස එන්නත් ලබාගැනීමේදී එම එන්නත මවු සමාගමේ නිෂ්පාදනයක් බවට අනිවාර්යයෙන්ම තහවුරු කිරීමක් සහ ශීතකරණ දාමය පවත්වාගනිමින් නිසි ප්‍රමිතියකින් යුක්ත බවට සනාථ වන එන්නත් පමණක් ලබාගෙන ජනතාවට ලබාදීමට රජය වගකීමෙන් කටයුතු කරන බවයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya