අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලුණු ලේවායන් තිබෙන ප්‍රදේශවලට නැවේ රසායනික ද්‍රව්‍ය කාන්දු වීමේ බලපෑමක් සිදුව නැහැ - ලුණු හිඟයකට කිසිම හේතුවක් නැහැ - බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල

    ජූනි 01, 2021

    පසුගිය දින සිදු වූ රසායනික බදු පටවාගත් නෞකාව ගිනිබත් වීමත්, එකී රසායන ද්‍රව්‍ය මුහුදට කාන්දු වීම නිසා ලුණු නිෂ්පාදනය කිරීමේ දුෂ්කරතාවයක් මතුව තිබෙන බවත්, ඒ නිසා අනාගතයේ දී ලුණු හිඟයක් ඇතිවන බවට මේ
    වන විට කටකතාවක් පැතිර යාමක් පිළිබඳව තමන්ට වාර්තා ලැබී තිබෙන බවත්, එහෙත් ලුණු ලේවායේ ලුණු නිෂ්පාදනයට මෙතෙක් බලපෑමක් සිදු ව නොමැති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කියා සිටි.

    ඒ මහතා මේ බව කියා සිටියේ, අද (01) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී ය.

    ලුණු ලේවායන් තිබෙන ප්‍රදේශ වලට නැවේ රසායනික ද්‍රව්‍ය කාන්දු වීමේ බලපෑමක් සිදු ව නොමැති නිසා ලුණු හිඟයක් ඇති වීමටවත්, ලුණු නිෂ්පාදනය ඇනහිටීමටවත්, කිසිම හේතුවක් නොමැති බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya