මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    චන්ද්‍රග්‍රහණයක් මැයි 26 දා - සූර්යග්‍රහණයක් ජුනි 10 දා

    මැයි 26, 2021

    2021 වර්ෂයේ පළමු චන්ද්‍රග්‍රහණය මැයි 26 වෙනි වෙසක් පුර පසළොස්වක පොහෝ දින පෘථිවියේ සෙවනැල්ල සඳ මතට වැටීමත් සමගම ශ්‍රී ලංකාවේ සම්මත වේලාවෙන් ප.ව. 02:17:39 සිට ප.ව. 07:19:44 අතර කාලය තුල පුර්ණ චන්ද්‍රග්‍රහණයක් ලෙස ලෝකයේ බොහෝ ප්‍රදේශවලට දැකගත හැකි බව කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයනාංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.

    මෙය 2019 න් පසු සිදු වන පළමු පූර්ණ චන්ද්‍රග්‍රහණය වේ. ඕස්ට්‍රේලියාව, ඇමරිකා එක්සත් ජනපදයේ සමහර කොටස්, දකුණු ඇමරිකවේ බටහිර කොටස් සහ ගිනිකොනදිග ආසියාව වැනි ප්‍රදේශවලට පූර්ණ චන්ද්‍රග්‍රහණයක් ලෙස මෙය දිස්වේ. මෙම ග්‍රහණයේ උපරිම අවස්ථාව වෙලාවේ දී චන්ද්‍රයා ක්‍ෂිතිජයට පහලින් පිහිටන බැවින් පුර්ණ ග්‍රහණය ශ්‍රී ලංකාවට දිස්නොවේ. අපට එහි අවසන් කොටස පමණක් ඡායා චන්ද්‍රග්‍රහණයක් ලෙස දිස්වනු ඇත. ප.ව. 6:23 ට නැගෙනහිර-ගිනිකොන ක්ෂිතිජයෙන් සදු නැග ආ වෙලාවේ සිට ග්‍රහණ අවසානය වන ප.ව. 7:20 තෙක් වන සුළු කාලය තුල ශ්‍රී ලංකාවට ඡායා චන්ද්‍රග්‍රහණය දිස්වනු ඇත.

    මෙම අවස්ථාවේදී පෘථිවියේ අඩඅඳුරු සෙවණැල්ල (උපඡායාව) තුලින් පමණක් සදු ගමන් කරන නිසා මෙම ඡායා චන්ද්‍රග්‍රහණය අවස්ථාව අපට පූර්ණ හෝ අර්ධ චන්ද්‍ර ග්‍රහණවල මෙන් අඳුරු සෙවනැල්ලකින් වැසී නොපෙනේ. නමුත් සඳෙහි කොටසක් දීප්තිය තරමක් අඩුව දිස්වනු ඇත.

    මේ අවස්ථාවේ දී චන්ද්‍රයා ක්ෂිතිජයට ආසන්නව පිහිටන බැවින්, චන්ද්‍ර ග්‍රහණය හොදින් නැරබීම සඳහා වලාකුළු වලින් තොර පැහැදිලි අහසක් ඇතිවිටකදී ඉහළ ස්ථානයක් තෝරා ගැනීම හෝ නැගෙනහිර-ගිනිකොන ක්ෂ්තිජයට ආසන්න අහස බාධා රහිතව දිස්වන ප්‍රදේශයක් සොයා ගැනීම වඩා සුදුසු බව මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය.

    සූර්යග්‍රහණයක් සෑම විටම සිදුවන්නේ චන්ද්‍රග්‍රහණයකට සති දෙකකට පමණ පෙර හෝ පසුව ය. ඒ අනුව, 2021 ජුනි 10 වන දින සූර්යයා සහ පෘථිවිය අතර ට චන්ද්‍රයා පැමිණෙන විට වළයාකාර සූර්යග්‍රහණයක් සිදුවනු ඇත. එහෙත් මෙම සූර්යග්‍රහණය ශ්‍රී ලංකාවට නොපෙනේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya