මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇමරිකානු රජයෙන් රුපියල් මිලියන 13 ක් වටිනා PCR පරීක්ෂණ කට්ටල පරිත්‍යාගයක්

    මැයි 26, 2021

    ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් රුපියල් මිලියන 13 ක් වටිනා PCR පරික්ෂණ කට්ටල 4700 ක්  (25)දින සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත බාරදීම සිදු කරන ලදි.

    ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමනය රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා වෙත ඉන්දු-පැසිෆික් වර්ධන කණ්ඩායම් අධ්‍යක්ෂ Bradley Elder මහතා විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සංකේතවත්ව එම ප්‍රදානය ලබාදෙන ලද අතර, ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී පුනාන්දු පුල්ලේ මහත්මිය ද සහභාගි විය.

    කොවිඩ් වෛරසයේ ව්‍යාප්තියේ ආරම්භයේ සිට ඇමරිකානු රජය මෙරට කොවිඩ් රෝග පාලන කටයුතු සදහා සහයෝගය ලබාදුන් බවත්, ඉදිරියටත් දෙරට අතර සබදතා තවත් වර්ධනය කර ගනිමින් කොවිඩ් මර්දන කටයුතු සදහා ලබාදිය හැකි උපරිම සහයෝගය ලබාදෙන බව ද මෙම ප්‍රදානය ලබාදෙමින් Bradley Elder මහතා සදහන් කරන ලදි.

    එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් මානුෂීය ආධාර සහ ආපදා ප්‍රතිචාර අරමුණු සඳහා ලබා දුන් ප්‍රදානයක් මගින් මෙම ව්‍යාපෘතියට අරමුදල් සපයා ඇති අතර, එක්සත් ජනපද තානාපති කාර්යාලයේ සිවිල් ආරක්ෂක ආධාරක අංශය විසින් සැපයුම් මිල දී ගැනීමට හා ලබා දීමට අවශ්‍ය සම්බන්ධීකරණය සිදු කර ඇත.

    මෙම PCR පරික්ෂණ කට්ටල දිවයින පුරා පිහිටි PCR පරීක්ෂණ සිදු කරන රසායනාගාර වෙත ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරනු ඇත.

    මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ මහතා, රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන් වන සමන් රත්නායක මහතා සහ අමල් හර්ෂ ද සිල්වා මහතා ඇතුලු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya