මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වෙසක් පෝය නිමිත්තෙන් විදේශ අමාත්‍යංශය විශේෂ වැඩසටහන් කිහිපයක් සංවිධානය කරයි

    මැයි 25, 2021

    විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහ විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතාගේ මඟපෙන්වීම යටතේ, විදේශ අමාත්‍යාංශය ආගමික වැඩසටහන් කිහිපයක් මෙවර වෙසක් උත්සවය සැමරීම සඳහා සැලසුම් කොට ඇත.

     

    ඒ අනුව විදේශ අමාත්‍යාංශය සංවිධානය කළ විශේෂ ධර්ම දේශනයක් ඉකුත් මැයි 21 වනදා බම්බලපිටිය සිරි වජිරාම විහාරස්ථාන වාසී අති පූජ්‍ය ඤණසීහ නාහිමියන්ගේ මූලිකත්වයෙන් එම විහාරස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණ.

    මෙම ධර්ම දේශනාවට සමගාමීව විදේශ සේවා නිලධාරින්ගේ සංගමය හා විදේශ අමාත්‍යංශයේ සුබ සාධක සංගමයේ මෙහෙයවීමෙන්, වර්තමානයේ පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වයේ බලපෑමට ලක්වූ අමාත්‍යංශයේ පවිත්‍රකාරක සාමාජික සාමාජිකාවන්ගේ පවුල් සඳහා වියළි ආහාර ද්‍රව්‍ය අඩංගු පාර්සල් බෙදා දීමක්ද සිදු විය.

    විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, කලාපීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා, විදේශ අමාත්‍යංශයේ ලේකම් අද්මිරාල් මහචාර්ය ජයනාත් කොළඹගේ මහතා, විදේශ සේවා නිලධාරින්ගේ සංගමයේ සභාපති විශ්වනාත් අපොන්සු මහතා ඇතුළු එම සංගමයේ සෙසු නිලධාරීන් මෙන්ම විදේශ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවන්වලට සම්බන්ධ වී සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya