මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වරාය නගරය උපාය මාර්ගිකව වටිනා ආයෝජන කලාපයක්-අධිකරණ අමාත්‍ය

    මැයි 21, 2021

    ලෝකයේ රටවල් 146ක විශේෂ ආර්ථික කලාප පිහිටියද ශ්‍රී ලංකාවේ වරාය නගරයේ පිහිටීම හා එහි භූගෝලීය පිහිටීම මෙන්ම ජාත්‍යන්තර නැව් මාර්ගවල ගමන් මාර්ගය වැනි සුවිශේෂිතා නිසා වරාය නගරය උපාය මාර්ගිකව වටිනා ආයෝජන කලාපයක් වන බවත්, මෙම සුවිශේෂිතා නිසා ආයෝජකයන් කෙරෙහි විශේෂ ආකර්ශනයක් හිමිකරගන්නා බවත්, අධිකරණ අමාත්‍ය නීතිඥ අලි සබ්රි මහතා පැවසීය.

    ඊයේ( 20 වනදා) පාර්ලිමේන්තුවේදී සම්මත කරගත් වරාය පනත සම්බන්ධයෙන් පැහැදිළි කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද(21දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    මෙම වරාය නගරය තුළ ආයෝජකයන්ට එක් තැනකින් සියලුම කටයුතු කරගැනීමට ස්ථානයක් (one store shop) සකස් කරන බවත්, ඒ හරහා කෙටි කාලයකින් ආයෝජකයන්ට අවශ්‍ය සියලුම අවසරයන් හා ලියකියවිලි ලබාගැනීමට හැකියාවක් තිබෙන බවත්, මෙමගින් ආයෝජකයන්ට ආයෝජනයන් කිරීමට ප්‍රිය ඇතිවන වටපිටාවක් ඇති කිරීමට හැකියාවක් ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

    එමෙන්ම බේරුම්කරණය කිරීම සඳහා සිංගප්පුරු බේරුම්කරණ මධ්‍යස්ථානයට මේ වන විට යන තත්වය වෙනස්කොට වරාය නගරය තුළ ජාත්‍යන්තර බේරුම්කරණ මධ්‍යස්ථානයක් ඇති කරන බවත්, ජාත්‍යන්තර බේරුම්කරණ කටයුතු සිදුකිරීම මගින් වරාය නගරයට විශේෂ ආදායමක් ලැබීමටද හැකියාවක් පවතින බවත් අධිකරණ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya