අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැතිවරණ නීති රීති ප්‍රතිසංස්කරණ පිළිබද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව රැස්වේ

    මැයි 18, 2021

    දැනට පවතින මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ නීති වල අඬුපාඩුකම් හඳුනාගැනීම සදහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව එහි සභාපති, පාර්ලිමේන්තුවේ සභානායක සහ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් (17) ප්‍රථම වරට පාර්ලිමේන්තුවේ දී රැස් විය.

    මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවලට අදාළ ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ඉදිරි සංශෝධන ඉදිරිපත් කිරීමත් මෙම විශේෂ පාර්ලිමේන්තු කාරක සභාවේ කාර්යභාරය වේ.
    පාර්ලිමේන්තු කාරක සභාවේ කාර්‍යභාරය එහි සභාපති දිනේෂ් ගුණවර්ධන මහතා එහි සාමාජික මන්ත්‍රීවරයන්ට දැනුම්දීමෙන් පසු ඉදිරියේදී කාරක සභාවේ කටයුතු පවත්වාගෙන යා යුතු ආකාරය පිළිබඳව සාකච්ජාවට ලක් වූ බව, පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා සඳහන් කළේය. අභිනවයෙන් පාර්ලිමේන්තු කාරක සභාවට පත් වූ මන්ත්‍රීවරයන් පිළිගැනීමටද දිනේෂ් ගුණවර්ධන මහතා කටයුතු කර තිබේ. මෙම කාරක සභාව පිහිටුවීම සම්බන්ධයෙන් කථානායකතුමාටත්, සභාවටත් සභාපතිවරයා ස්තුතිය පළ කල බව ද, දසනායක මහතා කීවේය.

    මෙයට අමතරව මැතිවරණ සහ ජන්ද විමසීම් ව්‍යුහයේ සහ නීති වල සිදුවිය යුතු ප්‍රතිසංස්කරණ පිළිබඳව මහජනතාවටද අදහස් ලබා දීමට මාසයක කාලයක් ලබා දීමට කාරක සභාව තීරණය කළ බවද දසනායක මහතා පැවසීය.
    කැබිනට් අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, මහාචාර්ය ජී. එල්. පීරිස්, එම්. යූ. එම්. අලි සබ්රි යන මහත්වරුද, රාජ්‍ය අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතාද, පාර්ලිමේන්තු මන්ත්‍රීරුන් වන කබීර් හෂීම්, රංජිත් මද්දුම බණ්ඩාර, මනෝ ගනේෂන්, එම්. ඒ. සුමන්තිරන්, මධුර විතානගේ සහ සාගර කාරියවසම් යන මහත්වරු ද මෙම කාරක සභා රැස්වීමට සහභාගි වූහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya