අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

      නිරෝධායනයට සම්බන්ධ මෙහෙයුම් අඛණ්ඩව- නිරෝධායන රීති උල්ලංඝණය කළ පුද්ගලයින් 617ක් අත් අඩංගුවට

    මැයි 08, 2021

    ශ්‍රී ලංකා පොලීසිය නිරෝධායනයට සම්බන්ධ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

    මෙම මෙහෙයුම්වලදී මුහුණු ආවරණ නොපැළදීම, දුරස්ථභාවය නොපවත්වාගැනීම ආදී නිරෝධානයන රීති කඩ කරන පුද්ගලයින් අත් අඩංගුවට ගැනේ.


    පසුගිය පැය 24 තුළ නිරෝධායන රීති උල්ලංඝණය කළ පුද්ගලයින් 617ක් අත් අඩංගුවට ගෙන තිබෙන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

    එක් දිනක වැඩිම පිරිසක් අත් අඩංගුවට ගත් දිනය ඊයේ (07) දින බවත් පසුගිය ඔක්තෝබර් මස සිට මේ දක්වා පුද්ගලයින් 6539ක් අත් අඩංගුවට ගෙන තිබෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya