අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

      රුවන්පුර අධිවේගී මාර්ගය රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාවගේ සමාජ, ආර්ථික පෙරළියක්, ප්‍රබෝධයක් ඇතිවන සංවර්ධන කටයුත්තක්- -සෞඛ්‍ය අමාත්‍ය

    මැයි 08, 2021

    රුවන්පුර ජනතා පැතුම් ඉටුකරමින් ශ්‍රී ලංකාවේ ඉදිකෙරෙන හත්වෙනි අධිවේගී මාර්ගය වන රුවන්පුර අධිවේගී මාර්ගයේ පළමු අදියරේ වැඩකටයුතු (07) දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සුරතින් ආරම්භ වූ අතර ඒ පිළිබද අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මෙම අදහස් දක්වන ලදි.

    රුවන්පුර අධිවේගී මාර්ගයේ වැඩකටයුතු ආරම්භ කිරීම පිළිබද අදහස් දැක් වූ සෞඛ්‍ය


    අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය - “අද දින වැඩකටයුතු ආරම්භ කළ රුවන්පුර අදිවේගි මාර්ගය රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාවට ඓතිහාසිකව ඉතා වැදගත් කටයුත්තක්. මෙම අදිවේගී මාර්ගය ඉදිවීමත් සමග රත්නපුර සිට ගාල්ල, මාතර, කටුනායක ගුවන්තොටපල වෙත යාමට ඉතා කෙටි කාලයක් පමණයි වැය වෙන්නේ. කෘෂි ආර්ථිකයක් පවතින රත්නපුර දිස්තික්කයේ ජනතාවට ආර්ථික ප්‍රබෝධයක් ඇති කර ගැනීමට විශාල රුකුළක් වෙනවා. රුවන්පුර අධිවේගී මාර්ගය කියන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාවගේ සමාජ, ආර්ථික පෙරළියක් සිද්ධවෙන, විශාල ආර්ථික ප්‍රබෝධයක් ඇතිවන කටයුත්තක්. මේ සදහා කැප වූ ජනාධිපතිතුමා, අගමැතිතුමා ඇතුලු සියළු දෙනාට මේ අවස්ථාවේ රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන ස්තූතිය පුද කරනවා.”

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya