අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ජනපති අතර සාකච්ඡා ඵල දරයි

    මැයි 07, 2021

     “සයිනොෆාම්” එන්නත සඳහා අනුමැතිය ඉදිරි තෙදින තුළ...

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය ටෙඩ්‍රොස් ඇඩ්හැනොම් (Tedros Adhanom) මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතර අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ සිට සූම් (ZOOM) තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාව ඵල දරයි.


    කොවිඩ් පාලනය සඳහා රජය ගෙනයන වැඩපිළිවෙළට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රශංසාව පළ කළ ටෙඩ්‍රොස් මහතා ඊට පූර්ණ සහාය ලබාදෙන බව ජනාධිපතිතුමා සමඟ පැවසීය.

    පළමු කොවිඩ් රැල්ලට සාර්ථකව මුහුණ දෙමින් වසංගතය පාලනයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දුන් නායකත්වය ටෙඩ්‍රොස් ඇඩ්හැනොම් මහතාගේ ප්‍රසාදයට ලක්විය. එහිදී ශ්‍රී ලංකාව අත්කරගත් සාර්ථකත්වය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලිකත්වයෙන් පැවති සමුළුවලදී සාකච්ඡාවට ලක් කෙරුණු බව අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කියා සිටියේය.

    මෙවරද, කොවිඩ් වෛරසය පැතිර යාම ඉතා ඉක්මණින් පාලනය කිරීමට ශ්‍රී ලංකා රජයට හැකිවනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය බලාපොරොත්තු පළ කළේය.
    දෙවන මාත්‍රාව සඳහා ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා මිලියන 20ක අවශ්‍යතාවක් ගෝලීය වශයෙන් පවතී. මෙරටට ඇති එහි අවශ්‍යතාව එන්නත් මාත්‍රා ලක්ෂ 6කි. එම අවශ්‍යතාව සපුරා ගැනීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහාය ලැබෙනු ඇතැයි තමා අපේක්ෂා කරන බව ජනාධිපතිතුමා පැවසීය.

    සයිනොෆාම් එන්නත භාවිතයට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ඉදිරි තෙදින තුළ ලබාදීමට හැකි වෙතැයි ටෙඩ්‍රොස් මහතා සඳහන් කළේය. අනුමැතියත් සමඟ මෙරට ජනතාවගෙන් වැඩි පිරිසකට සයිනොෆාම් එන්නත ලබාදීමට හැකිවන බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.


    ලෝක සෞඛ්‍ය සංවිධානය කලාපීය මට්ටමින් හා කොළඹ පිහිටි කාර්යාලයෙන් ලබාදෙන සහයෝගය පිළිබඳව ජනාධිපතිතුමා ටෙඩ්‍රොස් මහතාට සිය ප්‍රශංසාව පළ කළේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya