මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලොව සිව් වෙනි බලවේගය ලෙසින් හැඳින්වෙන ජනමාධ්‍යවේදීන්ගේ ක්‍රියාකාරීත්වය අන් කවරදාටත් වඩා වත්මන් ලෝක ව්‍යසනය හමුවේ අතිශය වැදගත්

    මැයි 03, 2021

    ලොව සිව් වෙනි බලවේගය ලෙසින් හැඳින්වෙන ජනමාධ්‍යවේදීන්ගේ ක්‍රියාකාරීත්වය අන් කවරදාටත් වඩා වත්මන් ලෝක ව්‍යසනය හමුවේ අතිශය වැදගත් වනු ඇති බව ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

    එවැනි අතිශය සමාජ වගකීමක නිරත වන ජනමාධ්‍යවේදීන්ගේ නිදහස උපරිමයෙන් අගය කරන බවද ජාත්‍යන්තර මාධ්‍ය නිදහස් දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා පවසයි.

    වත්මන් කොවිඩ් -19 ව්‍යසනය හමුවේ අවදානම් තත්ත්වය පවා නොතකා මෙරට ජනමාධ්‍යවේදීන් සුවිශාල කාර්යභාරයක නිරත වන බවත් ඔවුන් සියලු දෙනාට ජාතියේ ප්‍රණාමය හිමි වන බවත් ඇමැතිවරයා පෙන්වා දෙයි.

    විශේෂයෙන් මෙම ව්‍යසන තත්වය හමුවේ නිවැරදි තොරතුරු ලබා දෙමින් ජනතාව දැනුවත් කිරීමට වෙහෙසන මාධ්‍යවේදීන් ඉටුකරනුයේ ජාතික කාර්යභාරයක් යැයිද එහි උපරිම ගෞරවය ඔවුන්ට හිමිවන්නේයැයිද රඹුක්වැල්ල මහතා පවසයි.

    නවීන තාක්ෂණය මුසුවීමත් සමඟ ජනමාධ්‍යවේදීන්ගේ මෙන්ම ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ කාර්යභාරය මේ වනවිට වඩාත් පුළුල් වී ඇති බවත් ඒ ඔස්සේ ජනමාධ්‍ය යන්නට ඉහළම අවධානය හිමිව ඇති බවත් හෙතෙම පෙන්වා දෙයි.

    "සෞභාග්‍යයේ දැක්ම" ඔස්සේ ජනමාධ්‍යවේදීන්ගේ කාර්යභාරයට ඉහළම වටිනාකමක් ලබාදී ඇතැයිද එහෙත් ගෙවුණු වකවානුව පුරා පැවැති වසංගත තත්වය හේතුවෙන් ඒ සඳහා වන වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වූයේයැයිද අමාත්‍යවරයා පවසයි.

    ජනමාධ්‍යවේදීන්ගේ මාධ්‍ය නිදහස සුරක්ෂිත විය යුත්තේ රටෙහි සමස්ත ජනතාවගේද අයිතිවාසිකම් සුරක්ෂිත කරමින් බවත් ඒ සඳහා ඒ සඳහා ජනමාධ්‍යවේදීන් අතරින්ම ස්වයං වැඩපිළිවෙලක් ඇතිවිය යුතුයැයිද අමාත්‍ය රඹුක්වැල්ල මහතා පෙන්වා දෙයි.

    ඒ අනුව රටත් ජනතාවත් සමාජයත් උදෙසා ජනමාධ්‍යවේදීන්ගේ කාර්යභාරයද නිදහසද නිසි ලෙස යොදා ගන්නා ලෙස අමාත්‍යවරයා ඉල්ලා සිටී.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya