මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් අත්අඩංගුවට පත් වෙයි

    අප්‍රේල් 24, 2021

    හිටපු අමාත්‍යවරයකු වූ රිෂාඩ් බද්යුදීන් යන අය සහ ඔහුගේ සොහොයුරෙකු වූ රියාද් බද්යුදීන් යන අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (24) අළුයම අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස් පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.

    2019 අප්‍රේල් 21 දින පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන තවදුරටත් සිදු කරනු ලැබූ බවත් එම ප්‍රහාරයේ ස්වයං ඝාතකයින්ට ආධාර අනුබල දීම, සහ ඔවුන් සමඟ සබඳතා පැවැත්වීම සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන යටතේ හිටපු අමාත්‍යවරයා සහ ඔහුගේ සොහොයුරා අත් අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

    මෙම සැකකරුවන් සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීම පනත යටතේ විමර්ශන සිදු කෙරෙනවා. තවදුරටත් මේ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වෙන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya