මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවර සංවර්ධනයට ලෝක බැංකු මූල්‍යාධාර

    අප්‍රේල් 23, 2021

    මහනුවර බහුමාධ්‍ය ප්‍රවාහන පර්යන්ත සංවර්ධන ව්‍යාපෘතිය (KMTTDP) සහ ඒකාබද්ධ ජලාධාර හා ජල සම්පත් කළමනාකරණ ව්‍යාපෘතිය (IWWRMP) ක්‍රියාත්මක කිරීම සඳහා ලෝක බැංකු මූල්‍යාධාර ලබා ගැනීම.

    ඉහත ව්‍යාපෘති දෙකක් සඳහා ශ්‍රී ලංකා රජය සහ ලෝක බැංකුව අතර ණය ගිවිසුම් 2021 අප්‍රේල් 22 වන දින ශ්‍රී ලංකාවේ කොළඹ දී අත්සන් කරන ලදී. ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතා හා ලෝක බැංකුව වෙනුවෙන් මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා වන නියෝජිත ෆාරිස් එච්. හසාඩ් සර්වොර්ස් මහතා අත්සන් තබන ලදි.

     

    මහනුවර බහුමාධ්‍ය ප්‍රවාහන පර්යන්ත සංවර්ධන ව්‍යාපෘතිය (KMTTDP) ශ්‍රී ලංකාවේ පළාත් අතර මෙන්ම එකම පළාතේ දිස්ත්‍රික්ක අතර සංවර්ධනයේ ඇති විෂමතාවයන් සහ නගරවල ව්‍යුහාත්මක රටාවේ වෙනස්වීම්වලට විසදුමක් ලෙස ඒකාබද්ධ භෞතික අවකාශ භාවිතයේ වැදගත්කම රජයේ ජාතික ප්‍රතිපත්ති රාමුව තුළින් ඉස්මතු කර පෙන්වා දී තිබේ. ඒ අනුව,ඓතිහාසික සමාජ හා ආර්ථික වටිනාකම සැලකිල්ලට ගනිමින්, ජාතික නගර සංකල්පය යටතේ සංවර්ධනය කළ යුතු නගර ලෙස මහනුවර නගරය ඇතුළු නගර ගණනාවක් ප්‍රධාන සැලැස්ම තුළින් හඳුනාගෙන ඇත.

    මෙම ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත පිරිවැය ඇමරිකානු ඩොලර් මිලියන 69.33කි. බස් නැවතුම් පහසුකම්, ප්‍රවේශ මාර්ග සහ ජලාපවහන පද්ධතිය ඇතුළු නවීන පහසුකම් සහිත ක්‍රියාකාරී ප්‍රවාහන පර්යන්තයක් ඉදිකිරීමට නියමිත අතර මෙම ව්‍යාපෘතිය මගින් මහනුවර නගරයේ තැනින් තැන විසිරී අක්‍රමවත්ව පවතින ප්‍රවාහන පර්යන්ත හා මහනුවර නගරයේ ඇති වන තදබදයට ස්ථාවර විසඳුමක් ලබා දෙන අතර විවිධ ප්‍රවාහන ක්‍රම අතර මගීන්ට මාරුවීමට වඩා හොඳ පහසුකම් සපයනු ඇත. ව්‍යාපෘතිය පොදු ප්‍රවාහනය වඩාත් ක්‍රමානුකූල කිරීම සඳහා කාලෝචිත අවශ්‍යතාවයක් වන අතර එමඟින් මහනුවර නගරය වඩාත් ආකර්ශනීය සංචාරක ගමනාන්තයක් බවට පත් වනු ඇත.

    මෙම ව්‍යාපෘතිය සඳහා ලෝක බැංකුව සහනදායී ණය පහසුකම යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 64.33 ක ණය මුදලක් සහ සහනදායී නොවන ණය පහසුකම යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 5ක ණය මුදලක් ලබා දීමට එකඟ වී ඇත. මෙම ව්‍යාපෘතිය නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ නාගරික සංවර්ධන අධිකාරි විසින් ක්‍රියාත්මක කරනු ඇත.

     

      ඒකාබද්ධ ජලාධාර හා ජල සම්පත් කළමනාකරණ ව්‍යාපෘතිය (IWWRMP)


    උසස් තාක්‍ෂණික නවෝත්පාදනයන් තුළින් කෘෂිකාර්මික අංශය සංවර්ධනය කිරීම සහ අගය එකතු කළ කෘෂි නිෂ්පාදන අපනයන ප්‍රවර්ධනය කිරීම කෙරෙහි වත්මන් රජය, රාජ්‍ය ප්‍රතිපත්ති රාමුව තුල ප්‍රමුඛත්වය ලබා දී තිබේ. එම අපේක්ෂාවන් සාක්ෂාත් කර ගැනීම සඳහා, ජලාශවල මෙහෙයුම් කාර්යක්‍ෂමතාව ඉහළ නැංවීම සහ විවිධ අංශ අතර ජල ප්‍රමුඛතාවය නිශ්චය කර ගැනීමට, ජලාශ සංරක්‍ෂණය, පුනරුත්ථාපනය හා ආරක්‍ෂාව තහවුරු කිරීම වැනි අන්තර් සම්බන්ධිත ජල සම්පත් කළමනාකරණ ගැටළු විසඳීමට තිරසාර ප්‍රවේශයකට යොමු වීම කෙරෙහි රජය අවධානය යොමු කර ඇත.

    ජල වේලිවල ආරක්ෂාව වැඩි දියුණු කිරීම සහ වාරිමාර්ග සඳහා වැඩි ජල ප්‍රමාණයක් බෙදා හැරීමට හැකිවන අයුරින් වාරි ජල බෙදාහැරීමේ ජාලයන් දියුණු කිරීම සඳහා ජල සම්පත් යටිතල සැපයුම් පද්ධතියේ ක්‍රියාකාරිත්වය වැඩි කිරීම සහ ජලාධාර හා ජල සම්පත් කළමනාකරණය ඉහල නැංවීම සඳහා ඉහත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබයි. මෙම යෝජිත ව්‍යාපෘතිය යටතේ ජලාධාර හා ජල සම්පත් කළමනාකරණය තුළින් ඉහළ මහවැළි ජලධාරය සැලසුම් කිරීම හා ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ඇ.ඩො. මිලියන 13.67 ක මුදලක් වෙන් කර ඇත. වාරි සම්පත්වල කාර්යක්ෂමතාව, ආරක්ෂාව සහ කල්පැවැත්ම වැඩි දියුණු කිරීම සඳහා වේලි 36 ක් සහ වාරිමාර්ග පද්ධති 19 ක් පුනරුත්ථාපනය කිරීම සඳහා තවත් ඇමරිකානු ඩොලර් මිලියන 57.8 ක මුදලක් ඉහත ව්‍යාපෘතිය යටතේ වෙන් කර ඇත. සහනදායී ණය පහසුකම යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 44.50 ක ණය පහසුකමක් සහ සහනදායී නොවන ණය පහසුකම යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 26.7 ක ණය පහසුකමක් හරහා මෙම ව්‍යාපෘතිය සඳහා යෙදවීමට ලෝක බැංකුව එකඟතාවය පල කර ඇත.


    මෙම පුවත්පත් නිවේදනය විදේශ සම්පත් දෙපාර්තමේන්තුව විසින් 2021 අප්‍රේල් 22 දින නිකුත් කරන ලදී.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya