ජූනි 25, 2021
tami eng youtube  twitter facebook
    logo

    අප්‍රේල් 21 වැනිදා දේවස්ථාන වෙත විශේෂ ආරක්ෂාවක්- පොලිස් මාධ්‍ය ප්‍රකාශක

    අප්‍රේල් 19, 2021

    අප්‍රේල් 21 වැනිදා පාස්කු ප්‍රහාරය සිහි කරමින් කෙරෙන විශේෂ දේව මෙහෙයන් සඳහා විශේෂ ආරක්ෂාවක් යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.


    පාස්කු ප්‍රහාරයෙන් මියගිය අයවලුන් සිහිකරමින් අප්‍රේල් 21 දා සිදුකෙරෙන දේව මෙහෙයන් සඳහා යොදවන ආරක්ෂාව සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසුමකදී නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව පැවසීය.

    මේ සඳහා වන විශේෂ පණිවිඩය පොලිස් මූලස්ථානය මගින් ප්‍රාදේශීය පොලිස් නිලධාරීන් වෙත නිකුත් කර තිබෙන බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසීය.

    ඒ අනුව එම නිවේදනය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, නියෝජ්‍ය පොලිස්පතිවරුන්, කොට්ඨාස භාර පොලිස් අධිකාරිවරුන්, පොලිස් අධිකාරිවරුන් සහ පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත නිකුත් කර ඇති අතර මෙම දේවස්ථානවල පූජකතුමන්ලා හමුවී තිබෙන අවශ්‍යතාවය අනුව සුදුසු ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙස පොලිස් මූලස්ථානය මගින් උපදෙස් දී තිබෙනවා.

    එමෙන්ම එම ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ අධීක්ෂණයක් කරන ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් වෙත පොලිස් මූලස්ථානය මගින් දැනුම් දී තිබෙන බවද නීතිඥ අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya