අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් අද සිට විශේෂ ප්‍රවාහන සැලැස්මක්

    අප්‍රේල් 09, 2021

    අලුත් අවුරුද්ද සඳහා ගම්බිම් බලා යන ජනතාවට අපහසුතාවයකින් තොරව තම ගමන් පහසුකම් සැලසීමට හැකි වන පරිදි වැඩි දුම්රියන් සහ බස් රථ ප්‍රමාණයක් යෙදවීමට ප්‍රවාහන අමාත්‍යාංශය පියවර
    ගෙන තිබේ.

    ඒ සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ 1192ක් අමතර දුම්රිය 21ක් මෙන්ම අමතර දුම්රිය ගමන්වාර 58 ක් සහ අමතර පෞද්ගලික බස් රථ 1800ක් යෙදවීමට ප්‍රවාහන අමාත්‍යංශය කටයුතු සම්පාදනය කර තිබේ.

    අනුව, අද සිට (09) සිට අප්‍රේල් 16 දක්වා මෙම විශේෂ බස් රථ සහ දුම්රිය සාමාන්‍ය කාලසටහන් වලට අමතරව යෙදවෙන අතර ජනතාවට බාධාවකින් තොරව ප්‍රවාහන පහසුකම් ලබාදීම සදහා ලංගම බස්රථ
    සේවකයන්ගේ නිවාඩු ද අවලංගු කිරීමට පියවර ගෙන තිබේ.

    කෙසේවුවත්, ධාවනය කෙරෙන සියලු බස් රථ මඟීන්ට අපහසුතාවයක් නොවන පරිදි ධාවනයේ යෙදවීම සිදු කරන අතරම ලංගම දුම්රිය සහ පෞද්ගලික බස් රථ වලට අදාළව කටයුතු කරන සභාපතිවරුන් හා නිළ ධාරීන් මෙම වැඩසටහන නියාමනය කිරීම සදහා කොටුව ප්‍රධාන බස් නැවතුම්පොළ පිහිටුවා ඇති ප්‍රධාන කාර්යාලයේ රැදී කටයුතු කෙරෙනු ඇත.

    සාමාන්‍ය අවුරුදු සමයකදී යොදවන බස් රථ වලට වඩා දෙගුණයකින් බස් රථ ප්‍රමාණය මෙවර කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් වැඩි කර ඇති අතර වඩා ප්‍රවේසම්කාරි හා ආරක්ෂාකාරි අයුරින් තම ගමන් පහසුකම් සලසා ගන්නා ලෙසද ප්‍රවාහන අමාත්‍යංශය මගීන්ගෙන් ඉල්ලා සිටී.

    කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් බස් රථ ගාස්තුව වැඩි කරනු ලැබූ අතර වසංගත තත්ත්වය මෙරටින් තුරන් වී නොමැති හෙයින් එය උත්සව සමයේ වඩාත් ව්‍යාප්ත වීම වැළක්වීම සඳහා බස් රථවල ආසන ගණනට මගීන් ගෙන යා යුතු වන අතර මේ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා රථවාහන නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධික්ෂණයට ලක් වනු ඇත.

    එමෙන්ම,ජනතාවත් ප්‍රවේසම්කාරී ලෙස තම ගමන්වාරය සලසා ගත යුතු වන අතර උත්සව සමයේ එකම දින සියලුම දෙනා ගමන් කළ හොත් සියලුම බස් යෙදවුවත් ප්‍රමාණවත් නොවන හෙයින් පවතින කොවිඩ් තත්ත්වය හමුවේ සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් බස් රථ වලට ගොඩ වීම හා ආසන ගණනට සේවා සපයා ගැනීමටත්,නොසැලකිලිමත් ලෙස බස් රථ භාවිතා නොකර මගීන්ගේ ජිවිත ආරක්ෂා වෙන අයුරින් රිය පදවන ලෙසත් ප්‍රවාහන අමාත්‍යංශය රියදුරන්ගෙන් සහ මඟී ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya