අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මොන නාමයෙන් ත්‍රස්තවාදය ආවත් එය අවසන් කිරීමට පක්ෂ විපක්ෂ සියලුදෙනා කැපවිය යුතුයි -රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ

    අප්‍රේල් 07, 2021

    රටේ සියලුම දේශපාලන නායකයින්ට කියන්නේ එකට එකතුවෙලා මේ රට දරුවන්ට දරුවන්ගෙ දරුවන්ට ආරක්ෂා කරදිය යුතුබැවින් මොන නාමයෙන් ආවත් ත්‍රස්තවාදය අවසන් කරන්න අවශ්‍ය වැඩපිළිවෙලක් එකතුවෙලා සකස්කළ යුතු බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සදහන් කළාය.

    අමාත්‍යවරිය මේ බව සදහන් කළේ, වැලිවේරිය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ස්මාරකය අභියස පැවැති හිටපු අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතාගේ 13 වන ගුණානුස්මරණ අවස්ථාවට එක්වෙමිනි.

    වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය සදහන් කර සිටියේ, මානව හිමිකම් පිළිබදව කතාකරන පිරිස් දෙමළ ඩයස්පෝරාවේ අවශ්‍යතාවයට ත්‍රස්තවාදීන් වෙනුවෙන් පෙනී සිටින බවත් නමුත් තමන්ට සිදුවූ අසාධාරණය අවනීතිය වෙනුවෙන් ඒ අවනඩුව කියන්න කෙනෙක් නොමැති බවත් උසාවියේ නඩුව විභාගවන නමුත් එහි තීරණය කුමක්වුවත් තමන්ට අහිමි වුණු තමන්ගෙන් උදුරාගනු ලැබූ ජීවිත නැවත නොලැබෙන බවත් තමන්ට වගේම ත්‍රස්තවාදය නිසා තමන්ගෙ ස්වාමිපුරුෂයො, දරුවො, ඥාතීන් අහිමිවුනු පිරිස් ගණනාවක් සිටින නමුත් ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කතාකරන්න එවැනි මානව හිමිකම් කතාකරන පිරිස් ඉදිරිපත් නොවීම පිළිබදව කණගාටුවන බව අමාත්‍යවරිය මෙහිදී සදහන් කර සිටියාය.

    හිටපු අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතාගේ 13 වන ගුණසැමරුම ඉතා චාම් අයුරින් සිදුකිරීමට හේතුවූයේ රටතුළ පවතින කොවිඩ් 19 තත්වය සැලකිල්ලට ගෙන බවත් ගිය වසරේ ගුණසැමරුම නොපැවැත්වූ බවත් සදහන් කළ රාජ්‍ය අමාත්‍යතුමිය මෙවර කිසිවෙකුට ආරාධනා නොකලද ජෙයරාජ් නාමයට ආදරය කරන පිරිසෙන් කොටසක් එම අවස්ථාවට පැමිණිම පිළිබදව සිය ස්තුතිය පලකර සිටියාය.

    මෙම අවස්ථාවට මහා සංඝරත්නය, කතෝලික පූජකතුමන් ඇතුළු ආගමික නායකයින් සමග හිටපු අමාත්‍යවරයෙකු වූ ඩුලිප් විජේසේකර, ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතාගේ පුතු භානුක ප්‍රනාන්දුපුල්ලේ යන මහත්වරුන් සමග පවුලේ ඥාතීන්, හිතවතුන් ඇතුලු පිරිසක් සහභාගීවිය.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya