අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රට විවෘත කිරීමෙන් අනතුරුව මේ දක්වා දස දහසකට ආසන්න සංචාරකයින් පිරිසක් දිවයිනට

    අප්‍රේල් 06, 2021

    ජනවාරි 21 වැනිදා රට විවෘත කිරීමෙන් අනතුරුව මේ දක්වා දස දහසකට ආසන්න සංචාරකයින් පිරිසක් දිවයිනට පැමිණ ඇතැයි සංචාරක ප්‍රවර්ධන අධිකාරිය අනාවරණය කරයි.


    ගෝලීය කොවිඩ් වසංගත තත්වය හමුවේ වසා තිබූ රට විවෘත කළ දිනයේ සිට මේ දක්වා සංචාරකයින් 9629 කසකස්ථානය, ජර්මනිය, එක්සත් රාජධානිය, යුක්රේනය, රුසියාව, ඉන්දියාව, චීනය, ස්විස්ටර්ලන්තය, කැනඩාව යන රටවලින් මෙරටට පැමිණ තිබේ.

    ගෝලීය වශයෙන් කොවිඩ් තත්ත්වය පාලනය වීමත් සමඟම බොහෝ රටවල් නැවත විවෘත කෙරෙනු ඇති අතර ඒ හා සමගාමීව මෙරටට පැමිණෙන සංචාරකයින් ප්‍රමාණය ඉහළ යනු ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විශ්වාසය පළ කරයි.

    ගෝලීය කොවිඩ් වසංගතය හේතුවෙන් වසා දැමුණු රට සංචාරකයින් සඳහා නැවත විවෘත කිරීමත් සමඟ නව ගුවන් සේවා ආකර්ෂණය කරගැනීම සහ පවතින ගුවන් සේවා වාර ඉහළ  නැංවීම සම්බන්ධයෙන් තානාපති කාර්යාල සහගුවන් සමාගම් අතර සාකච්ඡා සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කොට තිබේ.

    කොවිඩ් එන්නත් දෙකම ලබාගත් සංචාරකයින් සඳහා නිරෝධායන නීති රීති සහන ලබාදීමට සාකච්ඡා ආරම්භ කොට ඇති අතර මේ යටතේ මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ටද
    නිරෝධායන නීතිරීති ලිහිල් කිරීමට පියවර ගනු ලැබේ.

    ඉදිරි සංචාරක කාලසීමාව තුළ මෙරටට පැමිණෙන සංචාරකයින් සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ඇතුළු සියලු පහසුකම් සංවර්ධනය කටයුතු කඩිනමින් සිදු කිරීමට සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා උපදෙස් දී තිබේ.

    මෙරට සංචාරක කර්මාන්තය කොවිඩ් 19 ගෝලීය වසංගත තත්වයට පෙර තිබූ තත්ත්වයට වඩා ඉහළ මට්ටමකට ප්‍රවර්ධනය කිරීම රජයේ අරමුණයි.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya