අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොවිඩ්-19 වසංගතයට සාර්ථකව මුහුණදීමට කටයුතු කිරීම පිළිබඳව යුනිසෙෆ් සංවිධානය ශ්‍රී ලංකාවට සුබ පතයි

    අප්‍රේල් 05, 2021

    කොවිඩ්-19 වසංගතයට සාර්ථකව මුහුණදීම සම්බන්ධව ශ්‍රීලංකාවට  සුභපැතීමට යුනිසෙෆ් සංගමය  අවස්ථාවක් කරගන්නා බව යුනිසෙෆ් ආයතනයෙහි ශ්‍රී ලංකාවේ නියෝජිත එමා බ්‍රිගම් ( Emma Brigham ) මහත්මිය පැවසුවාය.

     

    ඇය මේ බව පැවසුවේ අද දින (05) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී කොවිඩ් 19 වසංගතයේ සෘජු හා වක්‍ර බලපෑම් සහ ඒ සදහා දකුණු ආසියාතික රටවල ප්‍රතිචාර පිළිබඳ යුනිසෙෆ් ආයතනයෙහි වාර්තාව සම්බන්ධයෙන් සූම් තාක්ෂණය ඔස්සේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දක්වමිනි.

    වැඩිදුරටත් අදහස් දැක්වූ එමා Emma Brigham මහත්මිය,

    කොවිඩ් වසංගතය ලොව පුරා ජනතාවට නොයෙකුත් ආකාරයෙන් බලපෑම් සිදුකළා. යුනිසෙෆ් සංවිධානය මෙම වසංගතයේදී විශේෂයෙන්ම මව්වරුන්ට සහ ළමයින්ට බලපාන ආකාරය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළා. මෙම වසංගතය කොවිඩ් වෛරසයෙන් සිදුකරන බලපෑමට අමතරව තව නොයෙකුත් ආකාරයේ බලපෑම් ඇති කළා. පාසල් වසා දැමීම් රැකියා අහිමි වීම් ආදී වශයෙන්. 2020 වසරේදී යුනිසෙෆ් සංවිධානය ගණිතමය ආකෘතියක් ආධාරයෙන් කොවිඩ් වසංගතයෙන් දකුණු ආසියාතික රටවල ළමුන්ට සහ මවුවරුන්ට ඇතිවන ෂෘජු හා වක්‍ර බලපෑම් ඇස්තමේන්තු දත්ත ආධාරයෙන් ප්‍රක්ෂේපණය කරනු ලැබුවා. 2021 මාර්තු මස එළිදැක්වූ මෙම වාර්තාවේ විශේෂයෙන් අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයක් ප්‍රත්ෂේපණය කරනු ලැබුවා. එනම් මෙම ගණනය කිරීම් වලට අනූව 2020දී දකුණු ආසියාතික රට වල ළමයි 228,000ක් හා කාන්තාවන් 11,000ක් 2019දී සිදුවුණු මරණ වලට වඩා වැඩියෙන් මියයන බව ප්‍රක්ෂේපණය කරනු ලැබුවා. එනම් කොවිඩ් වසංගතයේ බලපෑම් නිසා වැඩිපුර සිදුවන මරණ ලෙස මෙම මරණ අනුමාන කරනු ලැබුවා.

    මෙවන් ඇස්තමේන්තු කිරීම් මෙම ගෝලීය වසංගතය පැවති කාලය පුරාවටම සෞඛ්‍ය හා අනෙකුත් සේවාවන් සදහා පෙර සූදානම් වීම් සදහා ඉමහත් පිටුවහලක් වුණා. එසේ නමුත් මෙම දත්ත වැරදි ලෙස අර්ථ නිරූපණය කරමින් සාවද්‍ය ලෙස මාධ්‍ය වාර්තා පළ කිරීම අවාසනාවක්.

    ශ්‍රී ලංකාව සම්බන්ධ වාර්තාවේදී වැඩිපුරම අවධානයට ලක්වූ කාරණාව වන්නේ 2020 වසරේදී විය හැකියැයි ඇස්තමේන්තු කළ මාතෘ මරණ සංඛ්‍යාවයි. ගණිතමය ආකෘතියකට අනූව සිදුකළ ඇස්තමේන්තුව අනූව 2020 ජනවාරි මාසයේ සිට 2021 ජූනි මාසය දක්වා කාලසීමාවේදී 2019ට වඩා වැඩිපුර මාතෘ මරණ 20ක් සිදුවිය හැකි බවට ඇස්තමේන්තු කරනු ලැබුවා. මෙම කරුණ සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යංශයේද මාධ්‍ය අංශ වල මෙන්ම සාමාන්‍ය ජනතාවගේද විශේෂ අවධානයක් යොමු වුණා.

    මෙම වාර්තාව නිකුත් වීමෙන් පසුව නැවතත් ශ්‍රී ලංකාවේ දත්ත භාවිතා කර ප්‍රක්ෂේපණයන් සිදුකරන ලද අතර මෙම ප්‍රක්ෂේපිත අගයන් කලින් අගයන්ට වඩා ඉතාමත් ධනාත්මක බවක් පෙන්නුම් කළා. 2020 ජනවාරි සිටි 2021 ජූනි දක්වා කාලසීමාව තුළ 2019ට වඩා එක් මාතෘ මරණයක් පමණක් වැඩිවන බව පෙන්නුම් කළා.

    ශ්‍රී ලංකාව ශක්තිමත් ප්‍රාථමික සෞඛ්‍ය සේවාවක් පවතින රටක්. ඒ තුළින් මෙවැනි ගෝලීය වසංගත තත්ත්වයකට පවා ශක්තිමත්ව මුහුණදීම සදහා මෙම ප්‍රාථමික සෞඛ්‍ය සේවාව කොතරම් වැදගත්ද යන්න ඉතාමත් හොදින් පැහැදිලි කරනු ලැබුවා. ශ්‍රී ලංකාව මේ සදහා ලෝකයේ අනෙකුත් සියලුම රටවල් වලට ඉතාමත් හොද උදාහරණයක්.

    මෙම වසංගත කාලය පුරාම යහපත් ආරක්ෂිත සෞඛ්‍ය සේවාවන් පවත්වාගෙන යාම සදහා රජය විසින් විශාල අවධානයක් යොමු කළ බව අප සැම දන්නා කරුණක්. අප හැමෝම දන්නා පරිදි මෙම වසංගතය තවමත් ඉවර නැහැ. සෞඛ්‍ය සේවාවන් සදහා මවුවරුන්, දරුවන් නිසි ආකාරව යොමුවීම ඉතාමත් වැදගත් වෙනවා. යුනිසෙෆ් සංවිධානය හැමදාමත් වගේම සෞඛ්‍ය අමාත්‍යංශයට අපගේ පූර්ණ දායකත්වය ලබාදෙන බව සදහන් කරන්න කැමතියි'' යැයි සඳහන් කළාය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya