මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මානව හිමිකම් කවුන්සිලයට ලැබී ඇති තොරතුරු සහ සත්‍ය තොරතුරු අතර විශාල පරස්පරතාවයක් තිබෙනවා - ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල

    මාර්තු 24, 2021

    මානව හිමිකම් කවුන්සිලයට විස්වාසදායී තොරතුරු සැපයීම පිලිබඳ විශාල ගැටළුවක් ව තිබෙන බවත්, එමෙන්ම මානව හිමිකම් කවුන්සිලය එකී විස්වාසදායී තොරතුරු ලබා ගනු ලැබුවේ කුමන මර්ගයකින් ද යන්න පිළිබඳව ගැටළුවක් පවතින බවත් ප්‍රකාශ කළ හෙතෙම නිවැරදි තොරතුරු මෙන්ම සත්‍ය තත්ත්වය සහ මානව හිමිකම් කවුන්සිලයට ලැබී ඇති තොරතුරු සම්බන්ධව විශාල පරස්පරතාවයක් තිබෙන බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක,ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (24) කියා සිටියේය.


    අද (24) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී, මානව හිමිකම් කවුන්සිලය හරහා රටට ආර්ථික සම්බාධක පැනවීම් වැනි රටට අහිතකර බලපෑම් ඇතිවිය හැකි බවට රට තුළ මේ වන විට විවිධ මත පැතිරීම සම්බන්ධයෙන් මාධ්‍යව්දියෙකු විසින් ප්‍රශ්න කල අවස්ථාවේ දී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

    ඒ අනුව, මානව හිමිකම් කවුන්සිලයට මෙරටට ආර්ථික සම්බාධක පැනවීම වැනි රටට අහිතකර බලපෑම් සිදු කළ නොහැකි බවත්, එහෙත් ඉතාම සාධනීය ලෙස මෙකී කරුණු සම්බන්ධව විපරම් වන බවත්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ සිටින විටෝ බලයක් සහිත කණ්ඩායම් වලින් බහුතරයක් යම් කිසි ආකාරයක සහයෝගයක් ශ්‍රී ලංකාවට ලබා දී තිබෙන බවත් අමාත්‍යවරයා මෙහි දී කියා සිටියේය.

    කෙසේවුව ද, සැප්තැම්බර් මාසය වන විට මේ සම්බන්ධව දැඩි ලෙස සුදානම් වන බවත්, එහි දී දැඩි සාවද්‍ය තොරතුරු සැපයීමේ වැඩපිළිවෙල සම්බන්ධව කරුණු කාරණා පිළිබඳව ඉතාමත් පැහැදිළිව ලෝකය ඉදිරියේ ඉදිරිපත් කිරීමේ හැකියාවක් තිබෙන බවත් අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.

    එමෙන්ම, 2015 ජනවාරි 08 වන දිනට පසු මංගල සමරවීර මහතා විදේශ අමාත්‍යවරයා ව සිට කළ පාවාදීමෙන් පසු මෙරට සත්‍ය හා විස්වාසදායි තොරතුරු සම්බන්ධයෙන් විවිධ අංශ වලින් විවිධ මත ඉදිරිපත් කර තිබෙන අතර එකී විස්වාසදායි තොරතුරු අභියෝගයට ලක් කොට තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් රටවල් ගණනාවක රාජ්‍ය නායකයින් විසින් කරුණු ඉදිරිපත් කර තිබෙන බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
    ඒ අනුව, ශ්‍රී ලංකාවේ පැහැදිළි ස්ථාවරත්වය කුමක් ද යන්න පිළිබඳව ප්‍රකාශයට පත් කර තිබෙන අතර මානව හිමිකම් කවුන්සිලය මඟින් පත් කොට ඇති මෙරට මානව හිමිකම් කඩවීම පිළිබඳව සෙවීම සඳහා පත් කොට ඇති නව කණ්ඩායම පිළිබඳව ද තීන්දුවක් ගන්නා බවත් අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya