අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වන අලි කළමනාකරණ රක්ෂිතය සම්බන්ධයෙන් ගැසට් නිවේදනය නිකුත් කර රක්ෂිත කලාපය ප්‍රකාශයට පත්කරනවා - අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ.

    මාර්තු 09, 2021

    ඉදිරි දින කිහිපය තුළ වන අලි කළමනාකරණ රක්ෂිතය සම්බන්ධයෙන් ගැසට් නිවේදනය නිකුත් කර රක්ෂිත කලාපය ප්‍රකාශයට පත්කරනවා - අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ.

    ඉදිරි දින කිහිපය තුළ වන අලි කළමනාකරණ රක්ෂිතය සම්බන්ධයෙන් ගැසට් නිවේදනය නිකුත් කර රක්ෂිත කලාපය ප්‍රකාශයට පත්කරන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසුවේය.

    ඔහු මේ බව පැවසුවේ අද දින (09) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු විසින් තවමත් වන අලි රක්ෂිතය ගැසට් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් ක්‍රියාත්මක නොවීම පිළිබදව යොමුකළ පැනයකට පිළිතුරු වශයෙනි.

    මීට සති දෙකකට පෙර වන අලි රක්ෂිතය ගැසට් කිරීමේ තීන්දුව කැබිනට් මණ්ඩලයේදී අනුමත වුණු බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya