මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2021, යල කන්නයේ වාරි ජලය නිකුත් කිරීම මාර්තු 10 දින සිට අප්‍රේල් 20 දක්වා

    මාර්තු 08, 2021

    2021, යල කන්නයේ වාරි ජලය නිකුත් කිරීම මාර්තු 10 දින සිට අප්‍රේල් 20 දක්වා කාල පරාසය තුළ අදාළ වාරි ව්‍යාපාර ආවරණය වන පරිදි ආරම්භ කිරීමට මහවැලි ජල කළමනාකරණලේකම් කාර්යාලය තීරණය කරයි:

    2021, යල කන්නයේ වගා කටයුතු සඳහා, වාරි ජලය නිකුත් කිරීම එළඹෙන මාර්තු 10 දින සිට අප්‍රේල් 20 දක්වා කාල පරාසය තුළ ඒ ඒ වාරි ව්‍යාපාර ආවරණය වන පරිදි ආරම්භ කිරීමට
    මහවැලි ජල කළමනාකරණ ලේකම් කාර්‍යාලය තීරණය කරයි.


    මාර්තු 10 දින සිට අප්‍රේල් 20 දින ය දක්වා කාලවකවානුව තුළ ආරම්භ කරන වාරි ජල සැපයුම අගෝස්තු 20 දින අවසන් කිරීමට මහවැලි ජල කළමනාකරණ ලේකම් කාර්‍යාලය තීරණය
    කර තිබේ.

    පසුගියදා (05) මහනුවර ගන්නෝරුව ජාතික කෘෂි කර්ම තොරතුරු සන්නිවේදන මධ්‍යස්ථානයේ දී පැවති, මහවැලි ජල කළමනාකරණ ලේකම් කාර්යාල කමිටු රැස්වීමේදී මෙම තීරණය ගනු
    ලැබීය.

    මහවැලි කලාප ආශ්‍රිත ඇළවේලි හා ජනාවාස පොදුයටිතලපහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගමලත් මහතා ගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටු රැස්වීම සඳහා, මහවැලි ජල
    කළමනාකරණ ලේකම් කාර්‍යාලයේ සභාපති ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කීර්ති බී කොටගම මහතා, එම ලේකම් කාර්‍යාලයේ සම සභාපති වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ
    අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු නිහාල් සිරිවර්ධන මහතා, එහි ලේකම් ඉංජිනේරු තිලකා සමරතුංග මෙනවිය , කමිටු සාමාජිකයින් වන, කෘෂි කර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්
    ආචාර්ය ඩබ්ලිව් එම් ඩබ්ලිව් වීරකෝන් මහතා, විදුලි බල මණ්ඩලය , ජලසම්පාදන මණ්ඩලය , ගොවිජන සේවා දෙපාර්තමේන්තුව , වනජිවි දෙපාර්තමේන්තුව, යන ආයතන නියෝජනය
    කරමින් එහි නිලධාරීන් සහ දිස්ත්‍රික් මහ ලේකම් වරු, මහවැලි කලාප නේවාසික ව්‍යාපාර කළමනාකාර වරුන් සහභාගි වී සිටියහ.
    එමෙන්ම සුහුරු තාක්ෂණය ඔස්සේ ගොවි සංවිධාන නියෝජනය කරමින් ගොවි නියෝජිතයින් සහ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ මෙන්ම වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවන් සහ
    නිලධාරීන් සහභාගි වී සිටියහ.

    මෙම රැස්වීමේ දී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගමලත් මහතා කියා සිටියේ, මෙවර යල කන්නයේ වගා කටයුතු කල් ඇතිව ආරම්භ කිරීම සඳහා කිසිඳු හිඟයකින් තොරව ජලය
    සැපයීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇතිබවයි. ඒ තුළින්, සාර්ථක අස්වැන්නක් අපේක්ෂා කරන බවත් අවශ්‍ය වන්නේ ගොවි ජනතාව ගේ කැපවීම සහ උනන්දුව බවද පෙන්වා දුන්නේය.
    එමෙන්ම වී වගාව සඳහා අවශ්‍ය සහතික ලත් බිත්තර වී ගොවි ජනතාව ට කඩිනමින් ලැබීමට සලස්වන ලෙස සිරිපාල ගමලත් මහතා කෘෂි කර්ම අංශයේ නිලධාරීන් ගෙන් ඉල්ලා සිටියේ ය.

    ඉකුත් 2020 වසරේ පැවති කාලගුණ තත්ත්වය හමුවේ, ඇද හැලුණු වර්ෂාපතනය හේතුවෙන් මේ වන විට ප්‍රධාන ධාරාවේ සියළු වාරි ජලාශ පද්ධති, ජලයෙන් පෝෂණය වී තිබේ.

    එබැවින්, වෙනත් වර්ෂයන්ට සාපේක්ෂව මෙවර යල කන්නයේ කල් ඇතිව වගා කටයුතු ආරම්භ කිරීමට උනන්දු වන ලෙස ජල කළමනාකරණ කමිටුව ගොවි ජනතාව ගෙන් ඉල්ලා සිටියි.
    එමෙන්ම කල් ඇතිව වගා කටයුතු ආරම්භ කිරීම තුළින්, ඉපනැල්ලේ වගාව හෙවත් , මැද කන්නයේ වගා කිරීම සඳහා අවකාශ ලබා ගැනීම ට, හැකි වනු ඇති බව ජල කළමනාකරණ කමිටුව
    පෙන්වා දෙයි.

    මෙම කමිටු රැස්වීමේදී තීරණය වුයේ අනුරාධපුරය, පොළොන්නරුව, ත්‍රිකුණාමලය , අම්පාර, මාතලේ, හම්බන්තොට, රත්නපුරය, මඩකලපුව, මොණරාගල දිස්ත්‍රික්ක ආශ්‍රිත ප්‍රධාන ජලාශ
    යටතේ පවතින, වාරි ව්‍යාපාර සඳහා මර්තු 15 දින සිට අප්‍රේල් 20 දක්වා කාලය තුළ ඒ ඒ ව්‍යාපාර සඳහා වගා කටයුතු වෙනුවෙන් ජලය නිකුත් කිරීම ආරම්භ කිරීමටත් , අගෝස්තු 15 දින වන
    විට ජල සැපයුම අවසන් කිරීමට ත්ය.
    සාමාන්‍යයෙන් නීත්‍යානුකූල ජලය සැපයෙන , වගා ඉඩම් වපසරිය හෙක්ටයාර් 191,000 කි.
    මෙවර යල කන්නයේ දී වගා ඉඩම් හෙක්ටයාර් 185,000 ක් සඳහා වාරි ජලය සැපයීම ට, අපේක්ෂා කෙරෙන බව ජල කළමනාකරණ ලේකම් කාර්‍යාලයේ ලේකම් ඉංජිනේරු තිලකා
    සමරතුංග මෙනවිය පැවැසුවාය.
    මෙම වගා බිම් ප්‍රමාණයෙන් 87% ක් වී වගාව සඳහා යොදා ගන්නා අතර, 13% ක් පමණ අතිරේක බෝග වගා කරන ලබන බවද සමරතුංග මෙනවිය වැඩිදුරටත් පැවසුවාය.

    මෙම සාකච්ඡාව සඳහා මහවැලි කලාප ආශ්‍රිත ඇළවේලි හා ජනාවාස පොදුයටිතලපහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු වසන්ත බණ්ඩාර පළුගස්වැව මහතා, වාරිමාර්ග
    අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ඉංජිනේරු අනෝමා පන්නල මහත්මිය, ඇතුළු නිලධාරීහූ පිරිසක් සහභාගි වී සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya