මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපතිගේ සහ අගමැතිගේ උපදෙසින් වතු නිවාස ඉදිකිරීම අද දැරණියගලින් ඇරඹේ

    මාර්තු 08, 2021

    වතුකරයේ ලැයිම් කාමරවල ජීවත්වන අසරණ පවුල් වෙනුවෙන් නොමිලේ නිවාස ලබා දීමේ වැඩසටහන අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි දැරණිගල, මාලිම්බොඩ තේ වතු යායෙන් අද (08) දින පෙ.ව. 9.00 ට ආරම්භ කෙරේ.

     

    නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, වතු නිවාස හා ප්‍රජා යටි තල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ජීවන් තොංඩමන්, සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේ වතු ආශ්‍රිත භෝග වගා, තේ කර්මාන්තශාලා නවීකරණය හා තේ අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කනක හේරත් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම වතු නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.

    එම අවස්ථාවට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති වරලත් වාස්තු විද්‍යාඥ හර්ෂාන් ද සිල්වා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් වරලත් නගර නිර්මාණ ශිල්පී ප්‍රසාද් රණවීර යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් ද සහභාගීවීමට නියමිතය.

    අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් සහ මඟ පෙන්වීම අනුව දැරණියගල මාලිම්බොඩ තේ වතු යායේ දී මෙම නව වතු නිවාස 170 ඉදිකෙරේ. බොගවන්තලාව වැවිලි සමාගමට අයත් ඉඩමක මෙම නව නිවාස ඒකක ඉදිවේ.

    “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව ක්‍රියාත්මක වන නිවාස ව්‍යාපෘති වැඩ සටහනට මෙම වතු නිවාස 170 ව්‍යාපෘති ඇතුළත් වේ. මේ අනුව, මෙතෙක් කාලයක් කිසිම මූලික පහසුකම්වලින් තොරව ජීවත් වූ වතු නිවාස පවුල් 170 කට කිසිම මුදල් ගෙවීමකින් තොරව නව නිවාසවල හිමිකරුවන් වීමට අවස්ථාව උදාවේ.

    ඉදිකෙරෙන මෙම නව නිවාස මහල් 02 කින් සමන්විත වේ. නිවසකට නිවසක් දුරස්ව මුහුණ ලා සිටින ආකාරයට ඉදිවන මෙම නිවාස ඒකකයකට නිවාස 08 ක් ඇතුළත් වේ. එක් නිවසක වර්ග අඩි ප්‍රමාණය 550 කි.

    ඉදිකෙරෙන සෑම නිවසක් සඳහාම ජලය, විදුලිය සහ සනීපාරක්ෂක පහසුකම්වලින් යුක්ත වන අතර එක් නිවසකට කාමර 02 ක් මුළුතැන්ගෙයක් සහ විසිත්ත කාමරයක් ඇතුළත් වේ.
    ඉදිකෙරෙන නව නිවාස එකම ස්ථානයක ඉදිකිරීම වෙනුවට, ස්ථාන කිහිපයක ඉදිකිරීම මෙහි ඇති විශේෂත්වයකි. ඒ යටතේ පුද්ගල නිදහස, පවුලේ නිදහස මෙන් ම පොදු නිදහස තවදුරටත් ආරක්ෂා වන බව මාළිම්බඩ වතු යායේ පාලනාධිකාරිය ප්‍රකාශ කරයි.

    එසේ ම සුදුසු සහ ගැලපෙන කුඩා කණ්ඩායම් ලෙස සිටීම ජීවත්වීමට සුදුසු සබදතා සහ ගැලපෙන තත්වයන් මෙන් ම යහපත් පරිසර තත්වයක් ද ඇතිවන බව ඔවුන් විශ්වාස කරයි. අතිගරු ජනාධිපතිතුමාගේ “ගම සමග පිළිසදර” වැඩසටහන යථාර්ථයක් බවට පත් කිරීමට දායක වීම මෙම නිවාස ව්‍යාපෘතියේ මූලික අරමුණු වී තිබේ.

     

    එසේම එකම පරිසරයක යම් යම් දුරකින් පදිංචිව සිටීම, අලුත් ගමක පදිංචි නිවාස යන හැඟීම ඇතිකරවන බව එම මූලික අරමුණ යටතේ දක්වා තිබේ. 08 වන දින වැඩ ආරම්භ කරන මෙම නිවාස ව්‍යාපෘතිය එක් වසරක් තුළ අවසන් කිරීමට අපේක්ෂිතයි. මෙම මාලිම්බඩ වත්ත නව වතු නිවාස ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 510 ක් වැය වේ. කොන්ත්‍රාත්කරු ලෙස පළපුරුදු රාජ්‍ය අංශයේ ඉදිකිරීම් ආයතනයක් වන රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව කටයුතු කරනු ලබයි. නාගරික සංවර්ධ හා නිවාස අමාත්‍යාංශය සමඟ ඉන්දියානු රජයේ ආධාර මත මෙම නිවාස ව්‍යාපෘතිය ඉදිකෙරේ.

     

    අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙසින් ආරම්භ කිරීමට නියමිත දැරණියගල, මාලිම්බොඩ තේ වතුයායේ නව නිවාස ඉදිකිරීමේ කටයුතු නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ජීවන් තොංඩමන් යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, වරලත් වාස්තු විද්‍යාඥ හර්ෂාන් ද සිල්වා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර යන මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් නාගරික සංවර්ධන අධිකාරිය, මහවැලි සංවර්ධන අධිකාරිය, ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය යන ආයතන එක්ව මෙම සංවර්ධන කටයුතු සිදු කරනු ලබයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya