අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාත්‍යන්තරයට ගතු කියා අපේ රටේ ආර්ථිකය වට්ටන්න එපා- කම්කරු අමාත්‍ය

    මාර්තු 06, 2021

    වෘත්තිය සමිති වැඩ කළ යුත්තේ රට ගැන හිතලයි.කම්කරුවන් හා වැඩබිම් පාලකයන් අතර ඇතිවන ගැටුම් අධි තක්සේරුවෙන් ජාත්‍යන්තරයට ගතු කේලම් කීයා, විවිධ ජාත්‍යන්තර සංවිධාන වලට පැමිණිලි කර,ජාත්‍යන්තර අපේ රටේ ප්‍රතිරූපයට හානි සිදුකර,අපේ රටේ නිෂ්පාදන ආර්ථිකය බිඳ වැටීමට කටයුතු කිරීමෙන් වළකින ලෙස ද රට සහ රටේ ආර්ථික අභිවෘද්ධිය ගැන හිතා වැඩ කරන ලෙස කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා වෘත්තීය සමිති නායකයන් ගෙන් ඉල්ලා සිටී.


    covid-19 අර්බුදය හමුවේ ලෝක ආර්ථිකය ද පසුබෑමට ලක් වී ඇති අවස්ථාවක අප රට තුළ සේව්‍ය සේවක අනවශ්‍ය ගැටුම් ඇතිකර ගැනීමේ අවසාන ප්‍රතිඵලය වන්නේ අපේ රටේ ආර්ථිකයට සිදුවන අහිතකර බලපෑම් උත්සන්න වීම බවත්,ගෙදර ගිනි පිටතට නොදී මෙම කම්හල් ප්‍රශ්න රට ඇතුළ තියෙන විසඳාගෙන මේ පිළිබඳව
    ජාත්‍යන්තරයට ගතු කී මෙන් වැළකී සිටින ලෙස අමාත්‍යවරයා වෘත්තීය සමිති නායකයන් ගෙන් ඉල්ලා සිටියේ, වෘත්තිය සමිති නියෝජිතයෝ, හාම්පුතුන්ගේ සම්මේලනයේ නියෝජිතයන් සහ කම්කරු දෙපාර්තමේන්තුවේ නියෝජිතයන්ගෙන් සැදුම් ලත් ත්‍රෛ පාක්ෂික කෝවිඩ් 19 කම්කරු කාර්ය සාධක බලකායේ රැස්වීමේදීය.

    කම්කරු දෙපාර්තමේන්තුව ශ්‍රවණාගාරයේ පසුගියදා පැවති මෙම සාකච්ඡාවේ දී සේව්‍ය සම්මේලනයේ නියෝජිතයන් පෙන්වා දුන්නේ,සමහර ආයතනවල සේවක සුබසාධන කටයුතුවල ඇතිවන දුර්වලතා පිළිබඳව වගකීමකින් තොරව සමහර වෘත්තීය සමිති ජාත්‍යන්තරයට පැමිණිලි කිරීම නිසා සිය ව්‍යාපාරයන් අඩපණ වීමට හේතු වී ඇතැයි ,එම නිසා ඒ පිළිබඳ සිය කනස්සල්ල පළ කරන බවය.
    මෙහිදී වෘත්තිය වෘත්තිය සමිති නායකයන් කියා සිටියේය සිටියේ තම සාමාජිකයන්ට සිදුවන යම් යම් ගැහැට පිළිබඳ ජාත්‍යන්තරයට කරුණු කියා සිටින්නේ ඒ පිළිබඳ ප්‍රඥප්තීන්ට අනුකූලව බවය.
    මෙහිදී හාම්පුතුන්ගේ සම්මේලනය නියෝජිතයන් පෙන්වා දුන්නේ,ආයෝජන කලාපයේ කර්මාන්ත ශාලාවල සේවක සේවිකාවන් එක්ලක්ෂ 132000 ට ආසන්න පිරිසක් PCR පරීක්ෂණ සිදුකර ඇති බවත් ඒ සඳහා රුපියල් බිලියනයකට ආසන්න මුදලක් පෞද්ගලික ආයතන හිමිකරුවන් වැය කර ඇති බවයි.
    මෙම සාකච්ඡාවට සේව්‍ය සම්මේලනයේ අධ්‍යක්ෂ ජනරාල් වජිර ඇල්ලේපොල මහතා,ඇන්ටන් මාකස් ,සිල්වෙස්ටර් ජයකොඩි යන වෘත්තීය සමිති නියෝජිතයන් සහ සෞඛ්‍ය,ආයෝජන මණ්ඩල නිලධාරීහු ද එක් වූහ.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya