අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අමරපුර මහ නිකායේ චූලගණ්ඨි පාර්ශවයීය සංඝසභා මූලස්ථානයට මුල්ගල තබයි

    මාර්තු 01, 2021

    ශ්‍රී ලංකා අමරපුර මහ නිකායේ චූලගණ්ඨි පාර්ශවයීය සංඝසභා මූලස්ථාන ගොඩනැගිල්ලට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා 28 දින පස්වරුවේ වැලිතර පුෂ්පාරාම විහාරස්ථානයේ දී මුල්ගල් තැබුවේය.

    මෙහිදී “ඤණතිලක ප්‍රභා” සමරු ග්‍රන්ථය ශ්‍රී ලංකා අමරපුර මහ නිකායේ චූලගණ්ඨි පාර්ශවයේ මහානායක, ශ්‍රී ලංකා අමරපුර මහ නිකායේ සභාපති හා වැඩබලන උත්තරීතර මහානායක
    ගන්තුනේ අස්සජි මහනාහිමි විසින් අග්‍රාමාත්‍යතුමාට පිළිගන්වනු ලැබූහ.

    අග්‍රාමාත්‍යතුමා විසින් එහිදී අතිපූජ්‍ය ගන්තුනේ අස්සජි මහනාහිමියන්ට සාහිත්‍යශූරී සමරු තිලිණය ප්‍රදානය කරන ලදි. ශ්‍රී ලංකා අමරපුර මහ නිකායේ චූලගණ්ඨි පාර්ශවයීය සංඝ සභාව ද මෙහි දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සමරු තිලිණයක් ප්‍රදානය කළේය.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහිදී මෙසේ ද කීවේය.

    මෙම උත්සවයට සම්බන්ධවෙන්න අවස්ථාවක් ලැබීම ගැන මම සතුටු වෙනවා. එදා පාද යාත්‍රා යන වෙලාවේ අපිට නවාතැන් ලැබුණෙ මේ විහාරස්ථානයේ. එදා නවාතැන් විතරක් නෙමෙයි අපට ආහාරපානත් ලැබුණෙ මේ පන්සලෙන්. ඒ නිසා මේ විහාරස්ථානය අපට අමතක කරන්න පුළුවන් කමක් නැහැ.

    ඒ වගේම මේ විහාරස්ථානය සමඟ අපි බැඳිලා ඉන්නවා. අද මේ ආරම්භ කරන මූලස්ථාන ගොඩනැගිල්ලෙන් විශාල කාර්ය භාර්යයක් ඉටුවෙනවා කියලා අපි විශ්වාස කරනවා. මෙතැන ඉන්න
    පිරිස බැලුවම මේ සඳහා දායකත්වය දීමට හැකි පිරිසක් සිටිනවා. මමත් මගේ දායකත්වය මෙම සද් කාර්යයට ලබාදෙන බව සිහිපත් කරන්න කැමති යැයි අග්‍රාමාත්‍යතුමා පැවසීය.

    චූලගණ්ඨි පාර්ශවයීය ජ්‍යෙෂ්ඨ අනුනායක අතිපූජ්‍ය වැලිතර අමරනන්ද අනුනාහිමි, වැලිතර ශ්‍රී පුෂ්පාරාම විහාරාධිපති, දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය වැලිතර අමරජීව නාහිමි ඇතුළු මහා සංඝරත්නය මෙහි වැඩමකළ වදාළහ.

    මෙම අවස්ථාවට අමාත්‍ය රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍ය මොහාන් පී ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන චන්දිම වීරක්කොඩි, සම්පත් අතුකෝරළ, ගීතා කුමාරසිංහ, ඉසුරු දොඩංගොඩ,
    ෂාන් විජයලාල් ද සිල්වා ඇතුළු මහත්ම මහත්මීන් රැසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya