අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංනානෞ දීඝායු ආයතනයේ ඉදිකරන ලද නව කණිෂ්ඨ නාවික නිවාසය විවෘත කෙරේ

    පෙබරවාරි 28, 2021

    ශ්‍රී ලංනානෞ දීඝායු ආයතයේ අභිනවයෙන් ඉදිකරන ලද කණිෂ්ඨ නාවික නිවාසය ගිණිකොන නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත ගමගේ මහතා විසින් විවෘත කරන ලදි.

     

    පවතින කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් නාවික හමුදා මූලස්ථානයේ උපදෙස් මත කණිෂ්ඨ නාවිකයින්‍ සඳහා නිරෝධායන නිවාසයක් ලෙස ඉදි කරන ලද මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු 2020 සැප්තැම්බර් 26 වන දින ආරම්භ කරන ලදි. නිරෝධායන ක්‍රියාවලියට සුදුසු වන පරිදි ඉඩ ප්‍රමාණයන් සහිතව හා නාන කාමර ද ඇතුලත්ව මෙම ගොඩනැගිල්ල ඉදි කරන ලද අතර, ශ්‍රී ලංනානෞ දීඝායු ආයතනයට අනුයුක්ත කණිෂ්ඨ නාවිකයින්ගේ නවාතැන් පහසුකම් වැඩි දියුණු කිරීමද මෙහි එක් අරමුණක් විය. විධානයේ සිවිල් ඉංජිනේරු දෙපාර්තමේන්තුවට අනුයුක්ත නාවික පුද්ගලයින් විසින් මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු සිදු කරන ලද අතර, ඉදි කිරීම් අවසන් කිරීමෙන් පසු පෙබරවාරි මස 24 වන දින ගොඩනැගිල්ල විවෘත කිරීම ගිණිකොන නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත ගමගේ විසින් සිදු කරන ලදි.

    තවද, මෙම කණිෂ්ඨ නාවික ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාව සඳහා විධාන ඉංජිනේරු නිලධාරී, විධාන සිවිල් ඉංජිනේරු නිලධාරී, විධාන සැපයුම් නිලධාරී සහ ශ්‍රී ලංනානෞ දීඝායු ආයතනයේ අණදෙන නිලධාරී ඇතුළු නාවික පුද්ගලයින් පිරිසක් සහභාගී විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya