අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමි රචිත ග්‍රන්ථ දෙකක් අග්‍රමාත්‍යවරයාට පිළිගන්වති

    පෙබරවාරි 27, 2021

    බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක නාරාහේන්පිට අභයාරාමාධිපති ආචාර්ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමි විසින් රචිත ග්‍රන්ථ දෙකක්  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට  25 දින  පිළිගැන්වනු ලැබූහ.

    ''රන් හීය සහ හෙළ වෙදකමේ යටගියාව ''නැමති ග්‍රන්ථ ද්විත්වය මෙසේ ආචාර්ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියෝ අග්‍රාමාත්‍යතුමාට පිළිගැන්වූහ.

    උත්සවය නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ ධර්ම ශාලාවේ දී පැවැත්විණි.

    සිළුමිණ පුවත්පතට ආචාර්ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියෝ හීය නමින් ලියූ තීරු ලිපි සමුච්ඡයෙන් තෝරාගත් ලිපි එකතුවක් රන් හීය ග්‍රන්ථයට ඇතුළත් කර තිබේ. හෙළ වෙදකමේ යටගියාව ග්‍රන්ථය ඉපැරණි හෙළ වෙදකමේ අක්මුල් සෙවීමකි.

    මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන නාහිමියෝ ඇතුළු මහා සංඝරත්නය මෙම උත්සවයට වැඩම කළහ.

    මෙම අවස්ථාවට කතානායක මහින්ද යාපා අබේවර්ධන, අමාත්‍යවරුන්වන මහාචාර්ය ජී.එල් පීරිස්, නිමල් සිරිපාල ද සිල්වා, ගාමිණී ලොකුගේ, දිනේෂ් ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම, සරත් වීරසේකර, රාජ්‍ය අමාත්‍යවරුන්වන මහාචාර්ය චන්න ජයසුමන, සීතා අරඹේපොළ, සිසිර ජයකොඩි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන යදාමිණි ගුණවර්ධන, ගෙවිඳු කුමාරතුංග මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya