මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    (VBSS C-IED) පාඨමා‍ලාව ත්‍රිකුණාමලයේදී සාර්ථකව අවසන්

    පෙබරවාරි 21, 2021

    නෞකා වෙත ආරක්‍ෂිතව ගොඩවීම, සෝදිසි කිරීම, අත්අඩංගුවට ගැනීම සහ වැඩි දියුණු කරන ලද පුපුරණ ද්‍රව්‍ය උපාංග හඳුනා ගැනීම සහ ව්‍යර්ථ කිරීමේ පාඨමා‍ලාව ත්‍රිකුණාමලයේදී සාර්ථකව අවසන් වෙයි (VBSS C-IED)

    මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ගෝලීය සමුද්‍ර අපරාධ වැඩසටහනේ අධීක්‍ෂණයෙන් ශ්‍රී ලංකා නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝනය විසින් පවත්වනු ලැබූ සැක
    සහිත නෞකා වෙත ආරක්‍ෂිතව ගොඩවීම, සෝදිසි කිරීම, අත්අඩංගුවට ගැනීම් සහ වැඩිදියුණු කරන ලද පුපුරණද්‍රව්‍ය උපාංග හඳුනාගැනීම හා ව්‍යර්ථ කිරීමේ ක්‍රමෝපායන් පිළිබඳ පාඨමාළාව
    2021 පෙබරවාරි 19 වන දින ත්‍රිකුණාමලයේදී සාර්ථකව නිමාවට පත් විය.

    වැඩි දියුණු කල පුපුරන ද්‍රව්‍ය වලින් සම්න්විත විය හැකි (Improvised Explosive Devices) සැක සහිත නෞකා වෙත ආරක්‍ෂිතව ගොඩවීම, සෝදිසි කිරීම සහ අත්අඩංගුවට ගැනීම් සම්බන්ධ
    මෙහෙයුම් සිදු කරනු ලබන නාවික පුද්ගලයින් හට නෞකා වෙත ගොඩවීමේ මෙහෙයුම්, ගොඩවීමේ ක්‍රියා පටිපාටිය සහ සාගරික නීතිය බලගැන්වීමේ මෙහෙයුම් සම්බන්ධයෙන් පුළුල් දැනුමක්
    ලබා දෙමින් සති දෙකක කාලයක් නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝනය හා මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ පුහුණු උපදේශකයින් විසින් ත්‍රිකුණාමලයේදී මෙම
    පාඨමාළාව පවත්වනු ලැබූ අතර, පාඨමාළාව සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නාවික පුද්ගලයින් 24 දෙනෙකු සහභාගී විය.

    පාඨමාලාව අවසානයේ සහතිකපත් ලබා දීමේ අවස්ථාව සඳහා මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ගෝලීය සමුද්‍රීය අපරාධ වැඩසටහනේ නියෝජ්‍ය ප්‍රධානී සිරි
    බියුනේ මහත්මිය (Siri Bjune), නැගෙනහිර නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු අනුර ධනපාල, විශේෂ යාත්‍රා බලඝණයේ අණදෙන නිලධාරී කපිතාන් නිශ්ශංක වික්‍රමසිංහ,
    එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ කාර්යාලයේ නිලධාරීන් සහ විශේෂ යාත්‍රා බලඝණයේ පුහුණු උපදේශකයින් පිරිසක් සහභාගී වී සිටියහ.

    තවද, කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් හා ක්‍රමවේද අනුගමනය කරමින් මෙම පාඨමාලාව සහ සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවය පැවැත්වීමට නාවික
    හමුදාව කටයුතු කරන ලදි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya