මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දකුණු පළාතේ ක්‍රීඩාංගන රැසක් නවීකරණය කිරීමට තරුණ හා ක්‍රීඩා අමාත්‍යවරයා පෙරමුණ ගනී.

    පෙබරවාරි 21, 2021

    දකුණු පළාත තුළ ඇති සියලුම ප්‍රාදේශීය සභා හා නගර සභා බල ප්‍රදේශවල ඇති ක්‍රීඩාංගන නවීකරණය සදහා තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ඉල්ලීම මත දකුණු පළාත් ආණ්ඩුකාර විලි ගමගේ මහතා පියවර ගෙන ඇත.

     

    ඒ අනුව දකුණු පළාතේ එම එක් ක්‍රීඩාංගනයක් නවීකරණයට සදහා රුපියල් මිලියනක මුදලක් ලබාදීමට තීරණය වී ඇති අතර එම ක්‍රීඩාංගන නවීකරණයට ප්‍රදේශයේ යෞවන සමාජ වල සහාය ලබාගැනීමට ද අපේක්ෂා කරනවා. මේ සඳහා වැයවන මුදල් දකුණු පළාත් ආණ්ඩුකාර විලි ගමගේ මහතා මේ වනවිටත් වෙන්කර ඇති අතර ඇතැම් ක්‍රීඩාංගන නවීකරණයට තාක්ෂණික සහාය අවශ්‍ය නම් අදාළ ප්‍රාදේශීය සභාවේ හෝ නගර සභාවේ සහාය ලබාගන්නා ලෙසට ද තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා දකුණු පළාත් ආණ්ඩුකාරතුමන්ට උපදෙස් ලබා දී  තිබේ.

    මෙම වැඩ පිළිවෙළ ඔස්සේ දකුණු පළාත තුළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගේ දක්ෂතා වර්ධනය කිරීමට දායකත්වයක් ලබාගැනීම වගේම පළාතේ තරුණ තරුණයින් , වැඩිහිටියන් ද ක්‍රීඩාකිරීමට අවශ්‍ය පහසුකම් සපයාදී ඔවුන් නිරෝගි පුරවැසියන් කිරීම තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ අපේක්ෂාවයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya