අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

      ශ්‍රී ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට ඉන්දියාවේ වෙළදපොල සැකසේ

    පෙබරවාරි 19, 2021

    ඉන්දු-ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම (ISFTA) යටතේ කෘෂි නිෂ්පාදන සඳහා ශ්‍රී ලංකාවට ලබා දී ඇති සුවිශේෂී තීරුබදු සහන සැලකිල්ලට ගෙන, භාවිතයට නොගත් අපනයන අවස්ථා උපයෝගී කරගෙන අලිගැට පේර සහ පැෂන් ෆෘට්වලට අමතරව අඹ (ඉන්දියාවේ අවාර කාලය තුළ දී), රඹුටන්, කටු අනෝදා යනාදී නිෂ්පාදන ශ්‍රී ලංකාවෙන් අපනයනය කිරිමට ශ්‍රී ලංකා සමාගම්වලට අවස්ථාව ලැබී තිබේ.

    මුම්බායි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය සහ ලංකා වාණිජ මණ්ඩලය (CCC) එක්ව 2021 පෙබරවාරි 11 වැනි දින පැවති ව්‍යාපාර අතර අන්තර්ජාලය හරහා පැවති රැස්වීමක් අතරතුරදී සාකච්ඡා කර මෙම අවස්ථාව උදාකර දී තිබේ. ශ්‍රී ලංකාවේ කෘෂි නිෂ්පාදන ඉන්දියානු වෙළඳපොළට ප්‍රවර්ධනය කිරීම හා විවිධාංගීකරණය කිරීම සඳහා 2020 සැප්තැම්බර් මාසයේ දී කොන්සල් ජනරාල් කාර්යාලය විසින් දියත් කරන ලද වැඩසටහන ඉදිරියට ගෙන යාමක් ලෙස මෙම රැස්වීම පැවැත්විණ.

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ පළතුරු හා එළවළු අපනයනකරුවන් 5 දෙනෙකු එනම්, සීආර් එක්ස්පෝර්ට්ස් ප්‍රයිවට් ලිමිටඩ්; ඩිවෙලොප්මන්ට් ඉන්ටර්ප්ලෑන් සිලෝන් ප්‍රයිවට් ලිමිටඩ්; ෆෝබ්ස් ඇන්ඩ් වෝකර් ෆයින් ෆුඩ්ස් ප්‍රයිවට් ලිමිටඩ්; එච්.ජේ.එස්. කොන්ඩිමන්ට්ස් ලිමිටඩ්; ජැග්‍රෝ පුද්ගලික සමාගම සමාගම සහ මුම්බායි හි නැවුම් පළතුරු ආනයනකරුවන් වන ඉන්දියාවේ ඉහළ පෙළේ සුපිරි වෙළඳසැල් දාම 3 ක්; නේචර්ස් බාස්කට්; මෝ රීටේල් සහ ස්ටාර් බසාර් ඇන්ඩ් ඊස්ට් වෙස්ට් ඇග්‍රෝ අතර මාර්ගගත ව්‍යාපාර රැස්වීම් 20 ක් පැවැත්විණි.

    මෙම රැස්වීම්වල දී නියෝජනය වන සුපිරි වෙළඳසැල් දාම, ඉන්දියාව පුරා ව්‍යාප්ත විය හැකි අන්දමේ ඉහළ පෙළේ පාරිභෝගික නිෂ්පාදන අලෙවිසැල් වේ. කීර්තිමත් සමාගම් සමූහයක් වන ආර්පීඑස්ජී සමූහයට අයත් නේචර්ස් බාස්කට් හි මුම්බායි, පූනේ සහ බැංගලෝරයේ විවිධාකාර භාණ්ඩ පරාසයක් ද සහිතව අසල්වාසීන්ගේ පහසුව සලසන වෙළඳසැල් 36 කට අධික ප්‍රමාණයක් ඇත. ටාටා ඇන්ඩ් ටෙස්කෝ සමාගම්වල හවුල් ව්‍යාපාරයක් වන ස්ටාර් මාකට්, මුම්බායි, පූනේ, බැංගලෝර්, කොල්හාපූර් සහ හයිද්‍රාබාද්හි වෙළඳසැල් 48 කින් පෙනී සිටී. ඉන්දියාවේ සිව්වන විශාලතම සුපිරි වෙළඳසැල් දාමය වන මෝ රීටේල් හි හිමිකාරීත්වය ඇමේසන් සහ සමාරා කැපිටල් පුද්ගලික සමාගම සතු වේ. මෝ රීටේල් විසින් හයිපර්මාර්ට් සහ සුපර්මාර්කට් වශයෙන් වෙළඳසැල් වර්ග දෙකක් ඉදිරිපත් කර ඇත. නවදිල්ලිය, කොල්කටා, හයිද්‍රාබාද්, බෙංගාලුර්, තානේ යන ප්‍රදේශවල හයිපර්මාර්ට් 22 ක් මෙම සමාගම සතුව පවතින අතර, ඉන්දියාව පුරා සුපිරි වෙළඳසැල් 651 ක් පවත්වාගෙන යයි. මුම්බායි හි නැවුම් පළතුරු ආනයනකරුවෙකු වන ඊස්ට් වෙස්ට් ඇග්‍රෝ දශකයකට වැඩි කාලයක් තිස්සේ කෘෂි නිෂ්පාදන වෙළඳාමෙහි නිරතව සිටී.

    විශේෂයෙන් පවතින කොවිඩ් වසංගතය පිළිබඳ වාතාවරණය තුළ අසල්වැසි රටවල් දෙක අතර වැඩි ව්‍යාපාර ප්‍රමාණයක් උත්තේජනය කිරීම සඳහා දැරූ ඒකාබද්ධ උත්සාහය පිළිබඳව, ඉන්දියානු සහ ශ්‍රී ලාංකික සහභාගීවන්නන් අගය කළහ. දෙරට අතර සමීප පිහිටීම සහ දේශීය ඉල්ලුම සපුරාලීම සඳහා ඉන්දියාවේ අලිගැට පේර සහ පැෂන් ෆෘට් ප්‍රමාණවත් නොවන බැවින් ඉන්දියාව ලතින් ඇමරිකාවෙන් සහ යුරෝපයෙන් අලිගැට පේර ආනයනය කරන අතර, දකුණු අප්‍රිකාවෙන් පැෂන් ෆෘට් ආනයනය කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya