මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රමුඛතා හඳුනා ගනිමින් උතුරු පළාතේ අධ්‍යාපනය නඟා සිටුවීම වෙනුවෙන් ප්‍රායෝගිකව මැදිහත් වෙනවා-අධ්‍යාපන අමාත්‍ය

    පෙබරවාරි 08, 2021

    උතුරු පළාතේ පාසල් අධ්‍යාපනය නගා සිටුවීම වෙනුවෙන් රජයේ මැදිහත්වීම යටතේ සුවිශේෂ කාර්යභාරයක් කළ යුතුව පවතින බවත්, ප්‍රමුඛතා හඳුනා ගනිමින් ප්‍රායෝගිකව වඩාත් ක්ෂනිකව ඉටු කළ හැකි අවශ්‍යතා සොයාබලා ඒවා ක්‍රියාවට නැංවීමට පියවර ගන්නා බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා සඳහන් කළේය.

    අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, (7) පෙරවරුවේ නාගදීපයේ ශ්‍රී නාගපූෂණී අම්මාන් කෝවිල වැඳ පුදා ගැනීම සඳහා එක්වෙමිනි.

    වසර හතලිස් අටක් පුරා නාගදීප විහාරස්ථානය භාරව සුවිශේෂ මෙහෙවරක යෙදෙන නායක ස්වාමින් වහන්සේ වෙත ගෞරවනීය කෘතවේදීත්වය පළ කළ අධ්‍යාපන අමාත්‍යවරයා උතුරේ ජනතාවගේ සෞඛ්‍යය, අධ්‍යාපනය, ආර්ථිකය වැඩි දියුණු කරමින් ජන ජීවිත යහපත් කරලීම වෙනුවෙන් දේශපාලන භේදයකින් තොරව පොදු අරමුණකින් එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාව ද පෙන්වා දුන්නේය.

    මෙම සංචාරය අතරතුර යාපනයේ රදගුරුතුමන් සමඟ කළ සාකච්ඡාවක දී අනාවරණය වූයේ මෙම ප්‍රදේශයේ ජනතාවට ප්‍රමුඛ අවශ්‍යතා තුනක් පවතින බවත්, එනම්, අධ්‍යාපනය, කෘෂිකර්මාන්තය සහ ධීවර කර්මාන්තය නගා සිටුවීම ඔවුන්ගේ මූලික අපේක්ෂා වී ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

    යාපනය දිස්ත්‍රික්කයේ සියලු අධ්‍යාපන බලධාරීන් හමුවීමට මෙම සංචාරයේදී අවස්ථාව හිමි වූ බව සඳහන් කළ අමාත්‍යවරයා, ජාතීන් අතර සන්නිවේදන දුරස්ථභාවය විසඳීමට පියවර ගැනීම ප්‍රමුඛ අවශ්‍යතාවක් වන බවද පැවසීය. ඒ සඳහා උතුරේ පාසල් සහ දකුණේ පාසල් අතර සම්බන්ධීකරණය වඩාත් පුළුල් කිරීමට ද පියවර ගත යුතු බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    මෙම සංචාරයේදී අධ්‍යාපන අමාත්‍යවරයා ඇතුළු කණ්ඩායම නාගවිහාරය, නාගදීප විහාරය, නාගදීපයේ ශ්‍රී නාගපූෂණී විද්‍යාලය, නාගදීපයේ ශ්‍රී ගණේෂ කණිෂ්ඨ විද්‍යාලය, නෛතතිව් මහා විද්‍යාලය සහ නාගදීපයේ ශ්‍රී නාගපූෂණී අම්මාන් කෝවිල නිරීක්ෂණයට ද එක් වූ අතර, නාගදීප විහාරස්ථානය වැඳ පුදා ගැනීමට ද එක් වූහ.

    අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya