මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “විපතින් සැපතට රට ගෙනයාම අපේ අරමුණ යි” - අමාත්‍ය මහාචාර්ය ජී.ඒල්.පීරිස්

    ජනවාරි 28, 2021

    අලුත් ජීවන ක්‍රමයක් අනුව විපතින් සැපතට රට ගෙනයාම අපගේ අරමුණ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය.

    කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ (27) පැවති ‘කොවිඩ් 19 බලපෑම අවම කිරීම, වසංගත අභියෝග තුළින් රට විපතින් සැපතට ගෙනයාම’ මැයෙන් ජාතික විද්‍යා
    පදනම සංවිධානය කර තිබූ ජාත්‍යන්තර සම්මේලනය‍ට එක්වෙමිනි.

     මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

    “කොවිඩ් 19 වසංගතය හමුවේ අපේ රට පමණක් නොව ලෝකයේ බොහෝ රටවල් මේ වනවිට ආර්ථික, දේශපාලනික, සාමාජයීය, අධ්‍යාපනික ආදී සෑම අංශයකින් ම කිසියම් පසුබැසීමක්  ලබා තිබෙනවා. මේ සම්බන්ධයෙන් අදහස් දක්වද්දී අපේ රටේ අධ්‍යාපනය තරමක් ඉදිරියෙන් සිටින බව ආඩම්බරයෙන් පවසන්නට පුළුවන්. අපට අවශ්‍ය වන්නේ විපතින් සැපතට රට  ගෙනයාමට යි. ඒ සඳහා මැදිහත්වීම සම්බන්ධ ව මගේ සතුට සහ ගෞරවය මේ අවස්ථාවේ ජාතික විද්‍යා පදනමට පිරිනමන්නට කැමතියි. මේ වනවිට අපේ රටේ විවිධ ක්ෂේත්‍රවල ඇතිවී තිබෙන  යම් යම් පසුබෑම්වලින් අපි ඉදිරියට යා යුතු යි. ඒ සඳහා සැලසුම්ගත වැඩපිළිවෙළක් අවශ්‍යයි” යනුවෙන් පැවසීය.

     

    කොවිඩ් වසංගතයේ බලපෑම අවම කරගනිමින්, අභියෝගයන්ට මුහුණ දෙමින් ඒවා ජයග්‍රහණය කරන්නේ කෙසේ ද යන්න පිළිබඳ ලොව පුරා සිටින බුද්ධිමතුගේ අදහස් සාධනීය ලෙස අප රටට  අවශෝෂණය කරගැනීමට මේ සම්මේලනය අවස්ථාව උදාකර දෙන බවත්, සෞඛ්‍ය, මානසික සුවය, ආර්ථිකය, පරිසරය, අනෙකුත් මානව සබඳතා, පර්යේෂණ, නවෝත්පාදන, යහපාලනය,  සාමාජීය ජීවිතය ආදී සියලු කාරණා පිළිබඳව මෙහිදී අවධානය යොමු කරනු ඇති බවත් . ඒ අනුව, රටට අවැසි ක්‍රම සහ විධි හඳුනාගෙන ක්‍රියාත්මක කිරීමට වැඩපිළිවෙළක් සකසන්නට අපට  හැකියාව ලැබෙනු ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

     

    ලොව ප්‍රකට වෛරස විද්‍යාඥයෙක් ලෙස සැලකෙන මහාචාර්ය මලික් පීරිස් මහතා පැවසූ පරිදි මෙය අපට පමණක් නොව සමස්ත ලෝකයට ම මීට පෙර අත්දැකීමක් නොතිබුණු තත්ත්වයක් බව  ද, මේ නිසා අපේ රටේ අංශ ගණනාවක් අඩපණ වූ නමුත් ප්‍රශ්න ඉදිරියේ පැනයාමට අවශ්‍ය නොවන බවත්, කොවිඩ් එන්නත ලංකාවට ගෙන්වූ පසු එය ක්‍රමානුකූලව ලබාදීමට ත් රජය කටයුතු  යොදන බවත්, මේ සියල්ල සමඟ දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වන්න‍ට ඉඩ නොතැබිය යුතු බවත්, ඒ වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය පූර්ණ අවධානය යොමු කර අවශ්‍ය පියවර  ක්‍රියාවට නංවමින් සිටින බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

     

    රටවල් ගණනාවක පර්යේෂණ පත්‍රිකා 90ක් පමණ මෙහිදී සාකච්ඡාවට බඳුන් කිරීමට නියමිත බව ද. ඒ තුළ නිපදවෙන සහ එයින් මතුවන නව දැනුම රට මුහුණ දී ති‌බෙන තත්ත්වයෙන් ගොඩ  ගැනීමට යොදා ගන්නට හැකිවනු ඇති බව ද, එබැවින් මෙය ඉතා කාලෝචිත සම්මේලනයක් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.


    මෙම අවස්ථාව සඳහා රාජ්‍ය ඇමතිනී වෛද්‍ය සීතා අරඹේපොල, ජාතික විද්‍යා පදනමේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රංජිත් සේනාරත්න, එහි අතිරේක අධ්‍යක්ෂ ආචාර්ය තමරා එෆ්.ඩයස්,
    මහාචාර්ය මලික් පීරිස් ඇතුළු පිරිසක් ද එක් වූහ.

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya