මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉතාමත් සුපරික්ෂාකාරිව හා සංවිධානාත්මකව කොවිඩ් එන්නත ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මකයි - නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

    ජනවාරි 27, 2021

    මෙරට සිදුකෙරෙන එන්නත්කරණ වැඩසටහන් වලට වඩා ඉතාමත් සුපරික්ෂාකාරිව හා සංවිධානාත්මකව කොවිඩ් එන්නත ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන බවත්, ජනගහනයෙන් එන්නත ලබා ගත හැකි කොටසෙන් 80% ක් පමණ ජනගහනයකට එන්නත ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යංශය නිර්දේශ කර තිබෙන බවත්, හෙට (28) දිනයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ආකාරය මුළු ලොවටම ආදර්ශයක් වනු ඇති බවත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා මහත්මිය අද (27) ප්‍රකාශ කළාය.


    ඒ මහත්මිය මේ බව ප්‍රකාශ කළේ, අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති COVID-19 සඳහා වන එන්නත් ශ්‍රී ලංකාවට ලැබීම සහ එන්නත් කිරීමේ වැඩපිළිවෙල ආරම්භ කිරීම සම්බන්ධයෙන් නිල වශයෙන් මාධ්‍ය හා ඒ හරහා මහජනතාව දැනුවත් කිරීම සඳහා පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවේ දී ය.

    රජයට මෙම එන්නත ලබා දීමේ වැඩපිළිවෙල සම්බන්ධව උපදේශනය ලබා දෙන්නේ සෞඛ්‍ය අමත්‍යංශයයි. වසරක කාලයක් පුරාවට ගෝලීයව පවතින වසංගත තත්ත්වය නිසා මෙම වෛරස ව්‍යාප්තිය වැළක්වීම සඳහා එන්නතක් නිෂ්පාදනය වන තෙක් ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් රටවල් තුළ වසංගතය ව්‍යාප්ත වීම වැළක්වීම සඳහා එක් වැඩපිළිවෙලක් අනුගමනය කිරීමට උපදෙස් දී තිබුණි. එමෙන්ම, එන්නත ලැබුණු විට අනුගමනය කළ යුතු ක්‍රමවේද පිළිබඳව ශ්‍රී ලංකාව මනා සුදානමකින් සිටී බවත් මෙහි දී නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරිය විසින් සඳහන් කරන ලදුව හෙට සිට මෙම එන්නත ප්‍රමුඛතා අනුපිළිවෙලින් පරිණත පුද්ගලයින් හට ලබා දීමත් සමඟ එන අභියෝගාත්මක කරුණු පිළිබදව ද අවධානය යොමු කරමින් සවිස්තරාත්මක කරුණු විටින් විට ඉදිරිපත් කිරීමට ද කටයුතු කරන බවත් මෙහි දී සඳහන් කළාය.

    එමෙන්ම, වෙනත් රටවල් වල එන්නත් කරන ආකාරය පිළිබඳව හා මෙරට එන්නත්කරණ වැඩසටහන පිළිබඳව සැසඳීමට නොව මෙරට තුළ වෛරස ව්‍යාප්තිය වැළක්වීම සඳහා අනුගමනය කරන මෙම විශේෂිත වැඩසටහන ජනතාව අගය කළ යුතු වනවා මෙන්ම, මෙරට සෞඛ්‍ය අමාත්‍යංශයේ වගකීම වන්නේ සිදු කළ යුතු දේ නිවැරදිව කිරීම බවත් ඒ මහත්මිය මෙහි දී අවධාරණය කළාය.

    කෙසේ වුවද, කලාපිය රටවල් හා සැසඳීමේ දී ශ්‍රී ලංකාව අන් සියලු රටවල් වලට වඩා ඉතාමත් හොඳ ප්‍රතිශක්තිකරණ වැඩසටහන් ක්‍රියාත්මක වන රටක් වන අතර ඒ පිළිබඳව පුහුණු වැඩසටහන් ලබා ගැනීම සඳහා වෙනත් රටවල් මෙරටට පැමිණෙන බවත්, සෞඛ්‍ය අමාත්‍යංශයට පමණක් නොව සියලු දෙනා මෙම වැඩසටහනට එකාමෙන් සහයෝගය දැක්විය යුතු වන බවත් ඒ මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya